Bala Wayasin Marunu Premaya Song Lyrics - බාල වයසින් මැරුණු ප්‍රේමය ගීතයේ පද පෙළ

Bala Wayasin Marunu Premaya Song Lyrics - බාල වයසින් මැරුණු ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Bala Wayasin Marunu Premaya (බාල වයසින් මැරුණු ප්‍රේමය)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිහ
තනුව : තිස්සසිරි පෙරේරා


බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

අනන්තයෙ ඈත දුර
නිම්තෙර තාරකා එළියේ
ඔබේ වැළපුම් ඉකිබිඳුම් හඬ
රැවි දිදී පැතිරේ
පෙමින් පැරදුණු පෙමිවතුන්මය
පාර තොට දෙපසේ
පාර තොට දෙපසේ

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

දිනා කුළුඳුල් සෙනේ
සැනසුම් සුසුම් හෙළු අයගේ
සුසුමකින් යළි පණ ලබනු ඇති
ආදරය ඔබගේ
එවන් සැනසුම් සුසුම් කොතැනක
හමුවේද සසරේ
හමුවේද සසරේ

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය
කිසාගෝතමියේ
කිසාගෝතමියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bala Wayasin Marunu Premaya Song Lyrics - බාල වයසින් මැරුණු ප්‍රේමය ගීතයේ පද පෙළ Bala Wayasin Marunu Premaya Song Lyrics - බාල වයසින් මැරුණු ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment