Wana Mada Thaniwu Raja Dahane Song Lyrics - වන මැද තනිවූ රජ දහනේ ගීතයේ පද පෙළ

Wana Mada Thaniwu Raja Dahane Song Lyrics - වන මැද තනිවූ රජ දහනේ ගීතයේ පද පෙළ
Song Title : Wana Mada Thaniwu Raja Dahane (වන මැද තනිවූ රජ දහනේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සොමී සේකරාම
තනුව : නිමල් මෙන්ඩිස්
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට ඇතුළත් විය.


වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි නිසලව ගිරි මුදුනේ

කෝ අද ඒ කිංකිණි රාවේ
නටබුන් නිසසල සීගිරියේ //

මැකී ගියා
සැඟවී ගියා
කාලයෙ වැලි තලයේ
කලා වැවේ
දිය රැලි අතරින්
දාසෙන් රජු යළි නැඟේ

දෑතම පාමින් වැව් දියඹේ
ඔහු සතු සම්පත පෙන්වන්නේ
ඔබ ලද ජය කොහිදෝ රජුනේ
වන මැද තනිවූ ගිරි මුදුනේ

ඔබ සැනසුම කොහිදෝ රැඳුණේ
ළඳුනගෙ මුදු බඳ සුව යහනේ //

සැලෙයි ගොයම්
රන් කරල් බරින්
අනුරාපුරවරයේ

කලා වැවේ
දිය රැලි අතරින්
දාසෙන් රජු ගුණ ගැයේ

වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි නිසලව ගිරි මුදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Mada Thaniwu Raja Dahane Song Lyrics - වන මැද තනිවූ රජ දහනේ ගීතයේ පද පෙළ Wana Mada Thaniwu Raja Dahane Song Lyrics - වන මැද තනිවූ රජ දහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment