Wadakayanani Song Lyrics - වාදකයාණනි ගීතයේ පද පෙළ

Wadakayanani Song Lyrics - වාදකයාණනි ගීතයේ පද පෙළ
Song Title : Wadakayanani (වාදකයාණනි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : පී.වී. නන්දසිරි
මෙය සුනිලුන්ගේ ප්‍රථම ගුවන් විදුලි ගීයයි. එය පටිගත කරන අවස්ථාව වනවිට සුනිල් සරල ගී ශිල්පියෙක් ලෙස ගුවන් විදුලියේ ශ්‍රේණගතව සිටියේවත් නැත. එවකට සංගීත අංශයෙන් නිෂ්පාදනය කළ ප්‍රබුද්ධ ගී වැඩසටහනකට සුනිල් ට ආරාධනා කර එම අවස්ථාව ලබාදුන්නේ නිෂ්පාදිකා ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියයි. තවත් විශේෂ සිදුවීමක් වූයේ එවකට නාද ශික්ෂකයෙකු ලෙස ගුණදාස කපුගේ මහතා විසින් මෙම ගීය පටිගත කිරීමයි. ගීය ගුවන් විදුලියේ ප්‍රචාරය වූ දිනය, ගීය දොරට වැඩි දිනය ලෙස, එනම් 1974 පෙබරවාරි 01 ලෙස වාර්තා වල සටහන්වේ.

ඉන්පසු "වාදකයාණනි" ගීය ඇල්බමකයකට ඇතුළත් වන්නේ 2008 වසරේදීය. එ් "ටොරානා" ලේබලයෙන් නිකුත් වූ "වාදකයාණනි" සංගත තැටිය හා කැසට් පටය වෙනුවෙනි.



වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය

කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවී
මුසු කළ මැනැවී
වාදකයාණනි

අඩ අඳුරේ මන්මත් කළ රාගය
තොල ගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදයට
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණනි

නව ලොව එළිකළ අරුණාලෝකය
රන්කෙත කරනා සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය

කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවී
මුසු කළ මැනැවී
වාදකයාණනි
වාදකයාණනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wadakayanani Song Lyrics - වාදකයාණනි ගීතයේ පද පෙළ Wadakayanani Song Lyrics - වාදකයාණනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2022 Rating: 5

0 comments:

Post a Comment