දෙවන ලෝක යුධ සමයේ පරවියන් මාරාන්තික ආයුධයක් බවට පත් වීමට ගිය අයුරු (Pigeon)

දෙවන ලෝක යුධ සමයේ පරවියන් මාරාන්තික ආයුධයක් බවට පත් වීමට ගිය අයුරු (Pigeon) - Your Choice Way

මිනිසා යනු මෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා වේ. සිය අද්විතීය බුද්ධිය ආයුධයක් කොට ගෙන මානවයා මේ වන විට මෙලොව වාසය කරන කිසිදු ජීවියෙකුට ලඟා විය නොහැකි මට්ටමේ දියුණුවකට ලඟා වී ඇත. නමුත් අවාසනාවකට මෙන් වර්තමානය වන විට මිනිසා තමුන්ට ලැබී ඇති මෙම අගනා ත්‍යාගය භාවිතා කරන්නේ මානව සංහතියේ යහ පැවැත්මට වඩා විනාශයට වීම අප ලද මහත් අභාග්‍යකි.

මෙලෙස ලද බුද්ධිමත් භාවය නිසා මිනිසා අපට වඩා බුද්ධිමත් බවින් අඩු සත්වයන් යොදා ගෙන විවිධ කටයුතු කර ගැනීමටද සමත් වී ඇත. උදාහරණයක් ලෙස මිනිසුන් සීසෑමට ගවයන් යොදා ගැනීම, දඩයම් කිරීම සඳහා සුනඛයන් යොදා ගැනීම ආදිය දැක්විය හැකිය. නමුත් අද අප සදහන් කරන්නේ අනාගතයේදී අප රටටද වැදගත් විය හැකි, අමුතුම ආකාරයේ මිනිසා විසින් සතුන් යොදා ගනිමින් සිදු කරන ලද පරීක්ෂණයක් පිළිබඳවයි.

බෝම්බ යනු යුද්ධයකදී සතුරු පාර්ශවයට ඉතා ඉහළ හානියක් සිදු කළ හැකි අවියකි. මේ හේතුව නිසා වර්තමානය වන විට විවිධ නවීන තාක්ෂණික උපක්‍රම යොදා මිනිසා විසින් බෝම්බ නිපදවනු ලබයි. නමුත් දෙවන ලෝක යුධ සමයේදී අද අප සතුව ඇති දේ හා සැසඳීමේදී තාක්‍ෂණය ඉතා සීමිත විය. මේ නිසා සතුරු ඉලක්ක වෙත නිවැරදිව බෝම්බ හෙළන තාක්ෂණයක් එකල පැවතියේ නැත. මේ හේතුව නිසා එක්සත් ජනපද ගුවන් හමුදාව බෝම්බ හෙලිමේදී ඒවා අදාල ඉලක්කයටම පතිත විමේ නිරවද්‍යතාවය පැවතියේ 20% තරම් කුඩා අගයකි.

මේ නිසා එකල කීර්තිමත් මනෝ විද්‍යාඥයකු වූ බී. එෆ්. ස්කිනර් විසින් මෙයට කදිම විසදුමක් යෝජනා කරන ලදී. ඔහුගේ එම යෝජනාව වූයේ පරවින්ගේ සිරුරේ බඳින ලද බෝම්බ මගින් අදාල ඉලක්කයන් වෙත නිවැරදිව බෝම්බය රැගෙන යාමය. ඔහුගේ එම අදහසත් අනුව එය ලොව පළමු "ස්මාර්ට් බෝම්බය" බවට පත් විය.

කිසිවෙක් නොසිතූ පරිදි ඔහුගේ මෙම අදහසට බොහෝ දෙනාගෙන් ධනාත්මක ප්‍රතිචාර හිමි විය. මන්දයත් මෙමගින් බෝම්බය පහසුවෙන් අපේක්ෂිත ඉලක්කයට ලඟා වන අතර එමගින් නාස්තියද අඩු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කිරීමට පටන් ගන්නා ලදී.

එමෙන්ම පරවියන්ට මිනිසුන්ට නොමැති එක් වාසියක් ඇත. එනම් පරවියන්ගේ පෙනීම මිනිසුන්ට වඩා වැඩිය. ස්කිනර් විසින් මෙම පරවියන් පුහුණු කරන ආකාරය සහ ඔවුන් අදාල ඉලක්කයන් වෙත යවන ආකාරය පිළිබද පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද හමුදාව විසින් ස්කිනර්ට මුදල් ලබා දුන් නමුත් මෑන්හැටන් වැඩසටහන වැනි වෙනත් පර්යේෂණ කටයුතු සඳහා වැඩි අරමුදල් අවශ්‍ය වූ හෙයින් එම අනුග්‍රහය පසුව අහිමි විය.

අවසානයේ අරමුදල් නොමැති වීම නිසා මෙම වැඩසටහන නතර කර දමන ලදී. කිසිදු පරවියෙකු මිනිසුන් ඝාතනය කිරීම සදහා සජීවි බෝම්බ බවට පත්වූයේද නැත. පසුකාලීනව දියුණු තාක්ෂණික ක්‍රම බිහිවීමත් සමග සියලු දෙනාටම මෙම වැඩසටහන අමතකව යන ලදී.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙවන ලෝක යුධ සමයේ පරවියන් මාරාන්තික ආයුධයක් බවට පත් වීමට ගිය අයුරු (Pigeon) දෙවන ලෝක යුධ සමයේ පරවියන් මාරාන්තික ආයුධයක් බවට පත් වීමට ගිය අයුරු (Pigeon) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment