Obai Ramya Sanda Kirana Song Lyrics - ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයේ පද පෙළ

Obai Ramya Sanda Kirana Song Lyrics - ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයේ පද පෙළ
Song Title : Obai Ramya Sanda Kirana (ඔබයි රම්‍ය සඳ කිරණ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්.එම්.ජයවර්ධන


ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obai Ramya Sanda Kirana Song Lyrics - ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයේ පද පෙළ Obai Ramya Sanda Kirana Song Lyrics - ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 08, 2022 Rating: 5

0 comments:

Post a Comment