මාකෝ පෝලෝගේ විශ්මයජනක සංචාරය (Marco Polo's Amazing Visit)

මාකෝ පෝලෝගේ විශ්මයජනක සංචාරය (Marco Polo's Amazing Visit) - Your Choice Way

මොන්ගෝලියනු අධිරාජ්‍යය සම්බන්ධව පළවූ ලිපියේ පළමු කොටස ඔබ සියලු දෙනාම රස විදින්නට ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එහි දෙවන කොටසද ඉක්මනින්ම ඔබ වෙත රැගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් පසු වෙමු. එහෙත් ඊට පෙර අප මොංගෝලියාව සම්බන්ධ ඉදිරි ලිපියකදී කතා කිරීමට බලාපොරොත්තු වන වැදගත් චරිතයක් පිළිබද කරුණු ඔබ වෙත ගෙන ඒමට සිතුවෙමු. නමුත් මොහු මොන්ගෝලියානු ජාතිකයකු නොව යුරෝපීය ජාතිකයෙකි. අද අප මෙම ලිපියෙන් මේ යුරෝපීය ජාතිකයා වන මාකෝ පෝලෝ පිළිබඳව සහ ඔහු මොන්ගෝලියනු ඉතිහාසයට වැදගත් වන්නේ කෙසේදැයි යන්න පිළිබඳ අවධානය යොමු කරමු.

මාකෝ පෝලෝ උපත ලැබුවේ 1254 සැප්තැම්බර් මස 15 වන දින වැනීසියේදීය. වෙළෙන්දෙකු වූ ඔහු තම නාමය ඉතිහාසයේ රැඳවීමට සමත් වූයේ ඔහුගේ ආර්ථික ක්‍රියාකාරකම් නිසා නොව 13 වන සියවසේ දෙවන භාගයේදී ඔහු චීනයට ගිය ගමනක් පිළිබඳ විස්තරයෙනි. ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළ මෙම ගමන පිටත් වන විට ඔහුගේ වයස අවුරුදු 17ක් වූවා පමණි. ඔහුගේ වාර්තා වලට අනුව මේ දීර්ඝ ගමන ආරම්භ කළ වර්ෂය ලෙස 1271 සදහන් වේ. ඔහු තම පියා සහ මාමා සමඟ පිටත් වූ අතර ඔවුන් පිළිබඳව ඇති තොරතුරු ඉතා අල්ප වේ.

ඔවුන්ගේ ගමනේදී ඔවුන් ඇනටෝලියාවේ (සුළු ආසියාව) සහ ආර්මේනියාවේ සානුව තරණය කල අතර ඉන්පසුව කුර්දිස්තානයද, ටයිග්‍රිස් ගඟේ නිම්නය හරහා මොසුල් සහ බැග්ඩෑඩ් හරහා බස්රා දක්වා පැමිණෙන ලදී. එතැන් සිට මොවුන් තිදෙනා ටබ්රිස් වෙත පැමිණෙන ලද අතර ඉන් පසුව ඉරානය හරහා පර්සියානු බොක්කෙහි හෝමූස් වෙත ළඟා වන ලදී.

ඔවුන් මුලින් සිතා ගෙන සිටියේ ඉන් පසු මුහුදින් ගමන යාමටයි. එහෙත් ඉන් පසු එම අදහස වෙනස් කර ගෙන ඔවුන් තිදෙනා නැවත උතුරට යන ලදී. නැවත ඉරානය සහ ඩෂි-ලුට් කාන්තාරය පසු කරමින් හින්දුකුෂ් කඳුකරයේ දකුණු පාමුලට පසු කරමින් පමිර් කඳු පාමුලට ළගා වන ලදී. ඉන් පසු ඔවුන් කෂ්ගර් ක්ෂේම භූමිය ඔස්සේ දකුණු දෙසින් පිහිටි තක්ලා-මාකන් කාන්තාරය පසු කර වයඹ දිග ටිබෙටයට ළඟා විය. එතැන් සිට සුලේහේ ගඟේ නිම්නය දිගේ ඔවුන් ගන්සු වෙත පැමිණෙන ලදී.

වසරක විරාමයකින් පසුව ඔවුන් තිදෙනා ටැන්ජියර්ස් හරහා ගමන් කොට මහා කුබිලායිගේ ගිම්හාන නිවහන වන කයි-පිං ෆු වෙත ඇතුළු විය. මෙම නිවහන හන්බාලක්(බීජිං)ට උතුරින් පිහිටා ඇත. එහිදී ඔවුනට මහා ජෙන්ගිස් ඛාන්ගේ මුණුබුරා මෙන්ම යුවාන් රාජවංශයේ නිර්මාතෘ වූ කුබිලායි ඛාන් විසින් සත්කාර කරන ලදී.

එහිදී ඔවුන් ඉක්මනින්ම කුබිලායි ඛාන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූ අතර මාකෝ ඔහුගේ ලිපිකරුවකු මෙන්ම එවකට මොන්ගෝලියානු යුවාන් රාජවංශයේ තානාපතිවරයකු ලෙසද සේවය කරන ලදී. මෙලෙස ඔවුන් 1275 සිට 1290 දක්වා මොන්ගෝලියානු පාලක කුබිලායි ඛාන්ට සේවය කරන ලදී.

මොන්ගෝලියනු අධිරාජ්‍යයේ පරිහානියත් සමග මාකෝ පෝලෝ සහ ඔහුගේ පියා සහ මාමා මුහුදෙන් වැනීසියට ආපසු ඒමට පැමිණෙන ලදී. ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ දකුණු ආසියාව පසුකර පැමිණි අතර ඉන් පසු සුමාත්‍රා දූපතේ මාස පහක් පමණ නතර වී සිටි බව කියැවේ. ඉන්පසු නිකොබාර් සහ අන්දමන් දූපත් වලටද, ලංකාව සහ ඉරානයේ දකුණු වෙරළ තීරයද පසු කරමින් ඔවුන් හෝමූස් වෙත ළඟා විය.

යළි වැනීසිය වෙත පැමිණි මාකෝ පෝලෝ ඔහුගේ සංචාරයන්ගෙන් ලද අත්දැකීම් වලින් ග්‍රන්ථයක් රචනා කරන ලද අතර එම කෘතිය මධ්යකාලීන යුගයේ විශිෂ්ට සංචාරක ලියවිලි වලින් එකක් වන අතර චීනයේ හා ආසියාවේ දැවැන්ත හා විශ්මය ජනක ලෝකය බටහිර යුරෝපයට හෙළි කළ පළමු අවස්ථාවඑය විය. එමගින් යුරෝපියන්ට ආසියානු වාණිජ්‍යය සහ සංස්කෘතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

මාකෝ පෝලෝගේ විශ්මයජනක සංචාරය (Marco Polo's Amazing Visit) - Your Choice Way
මාකෝ පෝලෝගේ ගමන නිරූපණය කරන සිතියම
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාකෝ පෝලෝගේ විශ්මයජනක සංචාරය (Marco Polo's Amazing Visit) මාකෝ පෝලෝගේ විශ්මයජනක සංචාරය (Marco Polo's Amazing Visit) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment