Your Choice Way

Kumari Bambasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ

Kumari Bambasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ
Song Title : Kumari Bambasara (කුමරි බඹසර)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ළඟ
මුදල අගයන තොපේ ලොවකට
උගත්නම් ගුණ දහම් කුමටද

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

තොපට බිලිවී තොපෙන් සුරැකී
කාණු පල්ලේ පළි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
අපේ ලෝකය ගොඩනඟන්නෙමි

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලි දෙමි
බිලි ගනින් මා බිලි ගනින්
කුමරි බඹසර බිලි ගනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumari Bambasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ Kumari Bambasara Song Lyrics - කුමරි බඹසර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 18, 2022 Rating: 5

0 comments:

Post a Comment