කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama)

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෙත හාල් පිටි හුන්ඩු 4
  • උකු මිටි කිරි (පදම අනුව ගන්න)
  • ලුණු රස අනුව 
  • ඝනකම අඩු තාච්චියක්
  • කහ කුඩු ස්වල්පයක් 
  • පොල් තෙල් 
  • පදම් කරපු කොකිස් අච්චුවක් (නැත්නම් නන්ස්ටික් එකක් ගන්න)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ හාල් ටික හොඳට ගල් වැලි ඉවත් වෙන්න ගරල ඉතාම සියුම් ලෙස කොටා ගන්න.
  2. ▪️ දැන් ඉඩ ඇති බොකුටු භාජනයක් අරන් හාල් පිටි රස අනුව ලුණු ,කහ ස්වල්පයක්
  3. ▪️ එකතු කරල හොඳට කවලම් කරල මිටි කිරි ටිකෙන් ටික දමමින් හොඳින් කවලම් කරල හොඳ උකු බැටර් එකක් මට්ටමට හදා ගන්න. අනිවාර්යයෙන්ම හොඳ උකු මිටි කිරි ගන්න. කොකිස් එකේ ප්‍රමිතිය කියන්නෙ ලුණු සහ කිරි රසනේ.🔴 මම ගත්තෙ හාල් පිටි හුණ්ඩු 4 ක්. සමහර අය මේකට පාන් පිටි කවලම් කරනව.ඕන නම් පාන් පිටි හුණ්ඩුවකුත් එකතු කරන්න. මම නම් පාන් පිටි දාන්නෙ නැහැ.🔴🔴 ඒවගේම කරපිංචා හීනියට ලියල එකතු කරන්නත් පුළුවන්.නමුත් අවුරුදු රස කැවිලි කෑම මේසයට නිසා මම එකතු කලේ නැහැ.
  4. ▪️ ගොඩක් අය කියනව නේ කොකිස් ගැලවෙන්නෙ නෑ කියල. ඒකට ප්‍රධාන හේතුව පදම් නොවුන අච්චු.අළුතෙන් කොකිස් අච්චුවක් ගෙනාවම ගොරක ටිකක් එක්ක තම්බල ගන්න. නැත්නම් මේ වගේ නන්ස්ටික් අච්චුවක් ගන්න. (රු.1000 ක් වෙනවා) ඒ වගේම ගින්දර වැඩි උනාමත් කොකිස් ගැලවෙන්නෙ නැහැ.නැත්නම් බිත්තර 1 ක් එකතු කරන්න.
  5. ▪️ අනිවාර්යයෙන්ම අච්චුව වැහෙන්න තෙල් දන්න. දාල මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාල රත් උනාම කොකිස් හදන්න ගන්න.කූරකුත් ලඟ තියා ගන්න.🔴 කොකිස් එක ගලවලා නැවත හදන්න ගනිද්දි පොඩි වෙලාවක් අච්චුව තෙල් එකේ තියල රත් උනාම බැටර් එකට දාන්න.නැත්නම් බැටර් එකේම ගැලවිල වැටෙනවා.🔴 ඒ වගේම හැම වෙලේම බැටර් එක කවලම් කරන්න.ඒ වගේම තෙල් එකේ රොඩු කෑලි හැම වෙලේම ඉවත් කරන්න.
🔴 මම හුණ්ඩු 4 කින් කොකිස් 106 ක් හැදුවා

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way

කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) කොකිස් හදමු 🥟🥟 - සිංහල අවුරුදු කෑම ( Kokis [ Cokis ] Hadamu - Sinhala Awurudu Kama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2022 Rating: 5

0 comments:

Post a Comment