Kada Mandiye Dola Ayine Song Lyrics - කඩ මණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ

Kada Mandiye Dola Ayine Song Lyrics - කඩ මණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ
Song Title : Kada Mandiye Dola Ayine (කඩ මණ්ඩියේ දොළ අයිනේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : එච්. එම්. ජයවර්ධන


කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kada Mandiye Dola Ayine Song Lyrics - කඩ මණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ Kada Mandiye Dola Ayine Song Lyrics - කඩ මණ්ඩියේ දොළ අයිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment