නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු නාසින්ගෙන් පළිගැනීම ආරම්භ විය. ඔවුන් සිදු කළ බොහෝ භීෂණ හෙළි වී තිබුණි. 1945 සිට 1949 දක්වා කාලය තුළ නාසීන් සියයකට වඩා වැඩි පිරිසක් නඩු විභාගවලට මුහුණ දෙන ලදී. ඒවා විභාග කිරීමට නියුරම්බර්ග් ස්ථානය ලෙස තෝරා ගනු ලැබුවේ එහි තිබූ සංකේතාත්මක වටිනාකම නිසාය. ආරම්භක නාසි උද්ඝෝෂණ සහ පෙළපාළි බොහෝමයක් පැවැත්වූයේ එහි වීම ඊට හේතුවයි.

විවිධ සාක්ෂි මොවුන්ට විරුද්ධව ඉදිරිපත් වුවද බොහෝ විට සියල්ලන්ම වාගේ පවසන ලද්දේ "මම ලද නියෝග ක්‍රියාත්මක කලා පමණයි" යන්නයි. මෙම නඩු විභාගයට පෙනී සිටි අය අතර “නියුරම්බර්ග් 21" (Nuremberg 21) ලෙස හැඳින්වූ පිරිසක්ද විය. ඔවුන් නාසි නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විය.

ඔවුන්ගේ නඩු විභාගයට පෙර මෙම නායකයින් පිළිබඳව මනෝ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන ලදී. ඔවුන් සිදු කළ ආකාරයේ දරුණු ක්‍රියාවන් සිදු කිරීම සදහා පුද්ගලයකු පෙළඹෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට විද්‍යාත්මක ප්‍රජාව ඉමහත් උනන්දුවක් දක්වන ලදී. ඔවුන් සිදු කළ යුද අපරාධ මිනිසාගේ ස්වභාවය ප්‍රශ්න කරනු ලැබීය. දක්ෂ මනෝචිකිත්සකයෙකු වන වෛද්‍ය කෙලී සහ ප්‍රකට මනෝ විද්‍යාඥයකු වන වෛද්‍ය ගිල්බට් විසින්  එක් එක් නාසි නායකයන් සමඟ සම්මුඛ සාකච්ඡා මාලාවක් හරහා පරීක්ෂණ පවත්වනු ලැබීය. 

කීර්තිමත් බුද්ධිමතෙකු වන වෛද්‍ය කෙලී දැඩි කුතුහලයකින් මෙම පරීක්ෂණ සදහා සහභාගි විය. වෛද්‍ය ගිල්බට්ද ඉතා දක්ෂයකු වුවත් ඔහු යුදෙව්වෙකු විය. ඔහු සමඟ මෙම පරීක්ෂණයට සහභාගී වූ නාසින් ඔහු කෙරෙහි විශාල අප්‍රසාදයක් පල කරන ලදී. විශේෂයෙන් ජුලියස් ස්ට්‍රයිචර් (නාසි පක්ෂයේ සාමාජිකයෙක් මෙන්ම නාසි පුවත්පතක් වන ඩර් ස්ටෝර්මර් හි නිර්මාතෘ හා ප්‍රකාශකයා විය) ඔහු කෙරෙහි විශාල වශයෙන් නින්දිත ප්‍රකාශ සිදු කරන ලදී. මොහු උග්‍ර යුදෙව් විරෝධියෙක් වූ අතර ජන සංහාරයන් සිදු කිරීමට උපදෙස් දුන් උපදෙස් මණ්ඩලයේ කෙනෙකි. ඔහුගේ මෙම ක්‍රියාවන් නිසා ඔහුට මරණ දණ්ඩනය හිමි විය.

සමස්තයක් වශයෙන් ගත් කල වෛද්‍යවරුන් දෙදෙනාම මෙම පුද්ගලයන් විසිඑක් දෙනා සම්බන්ධයෙන් සාපේක්ෂව සමාන නිගමනවලට එළඹි අතර, ඔවුන් තුළ ගැඹුරු චරිත අඩුපාඩුකම් ඇති නමුත් ඔවුන් සියලු දෙනා ඉතා බුද්ධිමත් බව සදහන් කරන ලදී. ඔවුන් දෙදෙනාම පැවසුවේ මොවුන්ට ශක්තිමත්, අධිපති, ආක්‍රමණශීලී, කේන්ද්‍රීය පෞරුෂයන් ඇති බවයි.

ඉන් පසු ඔවුන් රොර්ෂාච් නමින් හැඳින්වෙන පරීක්ෂණයට ඉදිරිපත් කරන ලදී. මෙහිදී නාසින් වෙත රූප සටහනක් සහිත කාඩ් පතක් ඉදිරිපත් කරන ලදී. (එම රූප සටහන කොමෙන්ට් වල දැක්වේ) ඔවුන්ට එම කාඩ්පතින් දුටු දේ විස්තර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී. පහතින් දැක්වෙන්නේ නාසි නායකයින් තිදෙනෙක්  කරන ලද විස්තරයි.

ෆ්රෑන්ක් (නාසි නායකයකු): ඒ සිටින්නේ වලසුන් දෙදෙනෙක්. ඔවුන් බෝතලයක් ළඟ තබාගෙන සිටිනවා.  පහළින් බැබළෙන රතු එළිය සහිත සුදු ඇඳුමින් සැරසී සිටින ලස්සන  නර්තන ශිල්පිනියන් ය.

රුඩොල්ෆ් හෙස් (නියෝජ්‍ය ෆියුරර්): අපරාධයක් ගැන කතා කරන මිනිසුන් දෙදෙනෙක්.  ඔවුන්ගේ මනස රුධිරයෙන් පිරී ඇත.

හර්මන් ගෝරිං (හිට්ලර්ගේ දෙවැනියා): (සිනාසෙමින්) ඒ නර්තන ශිල්පීන් දෙදෙනෙකි, ඉතා පැහැදිලිය, ඉහළ රතු යනු හිස සහ තොප්පියයි. මුහුණ අර්ධ වශයෙන් සුදු ය.

මෙමගින් වෛද්‍යවරුන් වටහා ගත්තේ ඔවුන් පොදු චරිත අඩුපාඩුකම් වලින් පෙලුනද ඔවුන් සියල්ලන්ම එකිනෙකාට වඩා බෙහෙවින් වෙනස් බවයි.

ඔවුන්ගේ ආවේණික පෞරුෂයන් පරීක්‍ෂා කිරීමෙන් පසුව, ඔවුන්ගේ බුද්ධිය තක්සේරු කරමින් නාසි නායකයින් 21 දෙනා සදහා IQ පරීක්ෂණ පැවැත්වීය. මරණීය දණ්ඩනය ලැබුවන්ට IQ පරීක්ෂණ පැවැත්වීම සැබවින්ම සුලභ ය. නමුත් ඒවා සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ චූදිතයාට මානසික අවපාතයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා (මරණීය දණ්ඩනය වළක්වා ගැනීම සඳහා) ය.

බොහෝ දෙනා සිතා සිටියේ මෙම නායකයන් මෝඩයන් යැයි කියාය. එමෙන්ම මෙම පරීක්ෂණය ගැන සිත්ගන්නාසුළු කරුණ නම් එය රජයේ නායකත්වයක් යටතේ පැවති එකම IQ පරීක්ෂණයයි. පරීක්ෂාවට ලක් කළ සියල්ලන්ම සාමාන්‍ය IQ ට වඩා ඉහළ අගයක් ලබා ගැනීමට සමත් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතා ඉහළ ලකුණු ලබා ගත්හ. නාසි නායකයින් 21 දෙනාගේ සාමාන්‍යය IQ අගය 128 ක් වූ අතර සාමාන්‍ය පුද්ගලයින්ගේ සාමාන්‍ය IQ අගය 100කි. එමෙන්ම ඔවුන් ලබා ගත් මේ ඉහළ IQ අගයත් සමග ඔවුන් තම අවසන් මොහොත ගත කළේ ඉහළ ආඩම්බරයකින්ය.

හිට්ලර්ගේ දෙවන අණදෙන නිලධාරියා වූයේ හර්මන් ගෝරිං ය. ඔහු අවට සිටි අය කෙරෙහි විශාල බලපෑමක් කළ ඉතා දක්ෂ පුද්ගලයෙකි.  සිරගෙදර සිටියදී පවා ඔහු සිරකරුවන්ට සහ ආරක්ෂක භටයින්ට බලපෑම් කිරීමට පටන් ගත්තේය. ඔහු එල්ලා මැරීමට පැය දෙකකට පෙර සියදිවි නසා ගත්තේය.  ඔහු සයනයිඩ් පෙති ගිල දැමූ අතර එය ඔහුට ලබා දුන්නේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව නොදනි. ඔහුගේ IQ පරීක්ෂණයෙන් ඔහු ලකුණු 138 ක් ලබා ගත්තේය.

ආතර් සයිස්-ඉන්කාර්ට් නාසි පක්ෂය සඳහා නෙදර්ලන්තයේ කුලපති ලෙස සේවය කළේය.  ඔහු යුදෙව්වන් දස දහස් ගණනක් පිටුවහල් කිරීම සහ ඝාතනය කිරීම සදහා අණ ලබා දෙනා ලදී.  ඔහුගේ මේ ක්‍රියාවන් නිසා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහු වරදකරු විය. ඔහු ලකුණු 141 ක් ලබා ගන්නා ලදී.

හල්මාර් ෂාච්ට් පරීක්ෂාවට ලක් කළ සියලු දෙනා අතරින් වැඩිම ලකුණු ලබා ගත් නමුත් ඔහුගේ කතාව වෙනස් විය.  ඔහු ආර්ථික ඇමතිවරයා වූ අතර ජර්මනියේ ආර්ථිකයේ දැවැන්ත ව්‍යාප්තියේ ප්‍රධාන භූමිකාව විය. ඔහු 1939 දී හිට්ලර් සහ ගෝරිං සමඟ ගැටුමක් ඇති කර ගත්තේය. ඔහු ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවූ අතර නාසි තන්ත්‍රය විවේචනය කළේය.

ඊට අමතරව ඔහු හිට්ලර්ව ඝාතනය කිරීමට ද වරක් උත්සාහ ගන්නා ලදී. මේ හේතුව නිසා ඔහුව නාසින් විසින් අත්අඩංගුවට ගෙන වධ කඳවුරක සිර කර තබන ලදී.  යුද්ධය අවසානයේදී ඔහුව මිත්‍ර පාර්ශවය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර මේ පිළිබඳව ඔහු දැඩි ලෙස විමතියට පත් විය. නමුත් කරුණු විමසා බැලීමෙන් අනතුරුව ඔහුව නිදහස් කරන ලදී. ඔහු වාර්තා කළ IQ අගය වූයේ 143 කි.
ඔවුන් 21 දෙනා ලබා ගත් අගයන් ;
  •  ෂාච්ට්, හල්මාර් 143
  •  සයිස්-ඉන්කාර්ට්, ආතර් 141
  •  ඩැනිට්ස්, කාල් 138
  •  ගෝරිං, හර්මන් 138
  •  පැපන්, ෆ්‍රාන්ස් වොන් 134
  •  රේඩර්, එරික් 134
  •  ෆ්රෑන්ක්, හාන්ස් 130
  •  ෆ්‍රිට්ෂේ, හාන්ස් 130
  •  ෂිරාච්, බල්ඩූර් වොන් 130
  •  කීටෙල්, විල්හෙල්ම් 129
  •  රිබෙන්ට්‍රොප්, ජෝකිම් වොන් 129
  •  ස්පියර්, ඇල්බට් 128
  •  ජොඩ්ල්, ඇල්ෆ්‍රඩ් 127
  •  රොසෙන්බර්ග්, ඇල්ෆ්‍රඩ් 127
  •  නියුරත්, කොන්ස්ටන්ටින් වොන් 125
  •  ෆ්රික්, විල්හෙල්ම් 124
  •  ෆන්ක්, වෝල්තර් 124
  •  හෙස්, රුඩොල්ෆ් 120
  •  සොකෙල්, ෆ්‍රිට්ස් 118
  •  කල්ටන්බන්නර්, අර්නස්ට් 113
  •  ස්ට්‍රයිචර්, ජුලියස් 106
බුද්ධිමත් කාර්යක්ෂම පුද්ගලයින්ගේ සාමූහික ප්‍රයත්නයක් කෙතරම් භයානක විය හැකිද යන්නට නාසි පක්ෂය ඉතා හොඳ උදාහරණයකි. එමෙන්ම බොහෝ දරුණු ක්‍රියාවන් සිදු කරන්නේ කිසිදා අයහපත් යැයි නොසිතන ඉහළ බුද්ධියකින් යුතු පුද්ගලයින් වේ.

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way
ඔවුන්ට ඉදිරිපත් කළ රූප සටහන

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way
හර්මන් ගෝරිං

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way
ආතර් සයිස්-ඉන්කාර්ට්

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way
හල්මාර් ෂාච්ට්

නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල - Your Choice Way
නියුරම්බර්ග් හි පැවති නාසි රැලියක්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසු පැවැත්වූ නාසි IQ පරීක්ෂණයේ ප්‍රතිඵල Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment