Ayiyandiye Podi Da Sita Song Lyrics - අයියණ්ඩියෙ පොඩි දා සිට ගීතයේ පද පෙළ

Ayiyandiye Podi Da Sita Song Lyrics - අයියණ්ඩියෙ පොඩි දා සිට ගීතයේ පද පෙළ
Song Title : Ayiyandiye Podi Da Sita (අයියණ්ඩියෙ පොඩි දා සිට)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ


අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි දැරුවේ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සඅප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayiyandiye Podi Da Sita Song Lyrics - අයියණ්ඩියෙ පොඩි දා සිට ගීතයේ පද පෙළ Ayiyandiye Podi Da Sita Song Lyrics - අයියණ්ඩියෙ පොඩි දා සිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2022 Rating: 5

0 comments:

Post a Comment