Tharumal Wage Song Lyrics - තරුමල් වගේ ගීතයේ පද පෙළ

Tharumal Wage Song Lyrics - තරුමල් වගේ ගීතයේ පද පෙළ
Song Title : Tharumal Wage (තරුමල් වගේ)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා


තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්
ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්
සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්

ඔබ හිනැහෙන විට මිහිරේ
මා හා කිපුණත් කැමතී
ඔබ නොදක හිටිය දින කීපය දැනුනේ
අවුරුද්දක් වගේ
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්

දිවි ගමන ඉතා කෙටි දුරයි
එනිසාම දුකද පැණි රසයි
පිට ලොවක යලිත් දෙදෙනා හමුවනතුරු
විඳගමු පෙම සුවඳයි
සැනසීමේදී වැලපීම්දී ඔබ හා බැඳී
එක සේ ඉන්නම්
පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලී
ඔබ හා ඉන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharumal Wage Song Lyrics - තරුමල් වගේ ගීතයේ පද පෙළ Tharumal Wage Song Lyrics - තරුමල් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment