Nethin Netha Balala Song Lyrics - නෙතින් නෙත බලාලා ගීතයේ පද පෙළ

Nethin Netha Balala Song Lyrics - නෙතින් නෙත බලාලා ගීතයේ පද පෙළ
Song Title : Nethin Netha Balala (නෙතින් නෙත බලාලා)
ගායනය : රෝහණ බෝගොඩ
ගී පද : දයා ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්


නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ //
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethin Netha Balala Song Lyrics - නෙතින් නෙත බලාලා ගීතයේ පද පෙළ Nethin Netha Balala Song Lyrics - නෙතින් නෙත බලාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2022 Rating: 5

0 comments:

Post a Comment