Netha Giya Hama Thana Song Lyrics - නෙත ගිය හැම තැන ගීතයේ පද පෙළ

Netha Giya Hama Thana Song Lyrics - නෙත ගිය හැම තැන ගීතයේ පද පෙළ

Netha Giya Hama Thana Song Lyrics - නෙත ගිය හැම තැන ගීතයේ පද පෙළ
Song Title : Netha Giya Hama Thana (නෙත ගිය හැම තැන)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : තු. ව. කුසුම්පාල
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

කොවුලා වෙණ තත
වයමින් දස අත
පෙම් පණිවුඩයයි පතුරන්නේ //

ආදර දිය කඳ සෝ බැමි සිඳ බිඳ ලලිත ලතාවට බැස යනවා //

දුහුල් වලා මැද
සුපුන් සරා සඳ

දැක ඔබෙ වත මට සිහිවෙනවා

නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

දුකින් පිරී ගිය අඳුරු අතීතය යලි නොම එන ලෙස ඇදී ගියේ //

හෙටක් උදාවී
හිතත් පිනා යයි

කිසිදා සොම්නස සිඳී නොයේ //

නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

කොවුලා වෙණ තත
වයමින් දස අත

පෙම් පණිවුඩයයි පතුරන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Netha Giya Hama Thana Song Lyrics - නෙත ගිය හැම තැන ගීතයේ පද පෙළ Netha Giya Hama Thana Song Lyrics - නෙත ගිය හැම තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment