Muwarada Bara Song Lyrics - මුවරද බර ගීතයේ පද පෙළ

Muwarada Bara Song Lyrics - මුවරද බර ගීතයේ පද පෙළ
Song Title : Muwarada Bara (මුවරද බර)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය විමල් දිසානායක
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මුවරද බර පිපි මල් ගොමු
අතරේ නැත ආදරේ
දේදුන්නේ පැහැ රේඛා
අතරේ නැත ආදරේ
හඳපානේ ගඟ දිය රැලි
අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව
නැඟි කඳුළකි ආදරේ

තුරු වදුලේ ඇල් හෙවණැලි
අතරේ නැත ආදරේ
රත ලවනේ පෙම් හසරැලි
අතරේ නැත ආදරේ
යුග නයනේ නිල් මිණි කැට
අතරේ නැත ආදරේ
ඝණ අඳුරේ හුදකලාව
නැඟි කඳුලකි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwarada Bara Song Lyrics - මුවරද බර ගීතයේ පද පෙළ Muwarada Bara Song Lyrics - මුවරද බර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment