තෙරේසා මව්තුමිය සැබවින්ම සාන්තුවරියක්ද? (Mother Teresa)

තෙරේසා මව්තුමිය සැබවින්ම සාන්තුවරියක්ද? (Mother Teresa) - Your Choice Way

තෙරේසා මව්තුමියගේ ජීවිතය වටා ඇති මතභේදාත්මක කරුණු කිහිපයක්.

මේරි තෙරේසා බොජැක්ෂියූ මව්තුමිය එසේත් නැතිනම් බොහෝ දෙනා දන්නා පරිදි තෙරේසා මව්තුමිය යනු ඇල්බේනියන්-ඉන්දියාන් කන්‍යා සොහොයුරියකි. ඇය සිදු කළ මානුෂීය ක්‍රියාවන් නිසා ඇය ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක් වූ අතර 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම මානුෂීය ක්‍රියාකාරිකයෙකු ලෙස ගෞරවයටද පාත්‍ර විය. ඇය ඉටු කළ සේවය නිසා ඇය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලද අතර වර්තමානයේ ගෝලීය ස්වේච්ඡා සේවයේ සංකේතයක් බවටද ඇය පත්විය. 

කෙසේ වෙතත්, පසුකාලීනව ඇය සැබවින්ම මේ ප්‍රශංසාවන්ට සුදුසු කෙනෙක් දැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්න කිරීමට හේතු වූ කරුණු රැසක් අනාවරණය විය. මෙම ලිපියෙන් අප තෙරේසා මව්තුමියගේ ජීවිතය වටා ඇති මතභේදාත්මක කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමු කරමු.

දුප්පත් ඉන්දියානුවන්ට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි ස්ථානයක් වූ කාලිගාට් හරහා තෙරේසා මව්තුමිය සිය මානුෂීය කටයුතු සඳහා ප්‍රථම වරට ගෝලීය පිළිගැනීමක් හා අවධානයක් ලබා ගත්තාය. කෙසේ වෙතත් ගෝලීය අවධානය දිනා ගැනීමෙන් හා ඩොලර් මිලියන ගණනක පරිත්‍යාග ලැබීමෙන් පසුව පවා, මෙම ආයතනය කිසි විටෙකත් වැඩිදියුණු නොවූ බවත් එහි පහසුකම් තවත් නරක අතට හැරුණු බවත් අනාවරණය විය.

මෙහි තිබූ කාමර තුළ රෝගීන් විශාල සංඛ්‍යාවකගෙන් පිරී ගිය අතර රෝගීන් අතර විශාල තදබදයක් ඇති විය. මෙම නිසා රෝගීන් අතර වෙනත් ලෙඩ රෝගද බෝ වීම සිදු වූ අතර නවීන වෛද්‍ය පහසුකම් නොමැතිකම හේතුවෙන් සමහර විට ඔවුන්ගේ තත්වය තවත් නරක අතට හැරෙන ලදී. මීට අමතරව මෙහි ප්‍රමාණවත් තරමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පැවතියේද නැත. එමෙන්ම රෝගීන්ට අවශ්‍ය ආහාර සැපයීමද නිසි ආකාරයෙන් සිදු නොවුන අතර වේදනා නාශක භාවිතයක්ද සිදු නොවීය. එමෙන්ම මෙහි වෛද්‍ය කටයුතු සදහා භාවිතා කළ විවිධ කටු ආදියද බොහෝ විට යළි යළිත් භාවිතා වූ බව කියැවේ. තෙරේසා මව්තුමිය දුප්පත්කම ආශීර්වාදයක් ලෙස සැලකූ අතර මෙම විශ්වාසය නිසා කිසි විටෙකත් කාලිගාට්හි පහසුකම් වැඩිදියුණු කිරීමට ඇය උත්සාහ කළේ නැත. තෙරේසා මව්තුමියට පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් වියදම් කළේ කුමකටද යන්න තවමත් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් මිය යාමට පෙර ඇය නම් ඉන්දියාවේ පිහිටි හොදම රෝහලකට ඇතුළත් වූ බව නම් කියැවේ. ඇය දුප්පතුන් හා අගහිඟකම් ඇති අය වෙනුවෙන් වැඩ කළත් ඔවුන්ට වඩා හොඳ හා පිරිසිදු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඇය සෑම විටම ප්‍රතික්ෂේප කළාය. ඇයට කොපමණ මුදලක් ලැබුණාද සහ එම මුදල් වලට සිදු වුයේ කුමක්ද යන්න සොයා ගැනීමට ක්‍රමයක්ද නොමැත. කෙසේ වෙතත්, එම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඇය රැකබලා ගන්නා බව කියා සිටි ජනතාවගේ ජීවිත හා පහසුකම් වැඩිදියුණු කිරීමට නොගිය බව නම් සහතික ය.

මීට අමතරව තෙරේසා මව්තුමිය සිය ජීවිත කාලය තුළ ඩොලර් මිලියන ගණනක පරිත්‍යාග ලබා ගත්තාය. කෙසේ වෙතත් ඇයට එරෙහිව ඇති තවත් චෝදනාවක් නම් ඇය මේ ආධාර ලබා ගත් පුද්ගලයින්ගේ ස්වභාවයයි. බොහෝ පරිත්‍යාගශීලීන් තමන් වෙනුවෙන් හොඳ ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට බලා සිටි භයානක පුද්ගලයන් විය. නිදසුනක් ලෙස ඩොලර් 10,000 ක් ලැබීමෙන් පසු තෙරේසා මව්තුමිය සංස්කෘතික නායක ජෝන් රොජර් සමඟ පෙනී සිටින ප්‍රසිද්ධ ඡායාරූපයක් ඇත. එසේම හයිටියේ ආර්යාව තෙරේසා මව්තමිය සමඟ අත් අල්ලාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් එවකට හයිටියේ ඒකාධිපතියාගෙන් ආධාර ලැබීමෙන් පසු රාජ්‍ය ප්‍රචාරක සඟරාවේ පළ විය.

තවත් එක් ප්‍රසිද්ධ සිද්ධියක් වන්නේ ඇමරිකානු බැංකු ක්‍රමය බිඳ දැමූ, මහා මූල්‍ය වංචාවකට වගකිව යුතු බැංකුකරුවෙකු වන චාල්ස් කීටින් උසාවියේ නඩු විභාගයට පෙර තෙරේසා මව්තුමියට විශාල මුදලක් පරිත්‍යාග කිරීමයි. මේ හේතුවෙන් මේ වංචාකරුගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් අධිකරණයට ලිපියක් පවා ලිවීමට ඇය පෙලබුණාය.

තෙරේසා මව්තුමිය මේ ලෝකයේ බිහි වු  නරකම පුද්ගලයකු නොවුවත් ඇය සාන්තුවරයෙක් නොවීය. ඇය තමාව විශ්වාස කළ සහ ඇදහූ බොහෝ දෙනෙකු අසමත් කර ඇති බව පෙනේ. තෙරේසා මව්තුමිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඇය තවමත් සාන්තුවරියෙක්ද? නැතහොත් විචාරකයින් පවසන ආකාරයට ඇය සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්ද?
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තෙරේසා මව්තුමිය සැබවින්ම සාන්තුවරියක්ද? (Mother Teresa) තෙරේසා මව්තුමිය සැබවින්ම සාන්තුවරියක්ද? (Mother Teresa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2022 Rating: 5

0 comments:

Post a Comment