Liden Wathura Bila Song Lyrics - ලිඳෙන් වතුර බීලා ගීතයේ පද පෙළ

Liden Wathura Bila Song Lyrics - ලිඳෙන් වතුර බීලා ගීතයේ පද පෙළ
Song Title : Liden Wathura Bila |ලිඳෙන් වතුර බීලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
තනුව : ආර්.ඒ. චන්ද්‍රසේන


ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගහේ වැල එතීලා යාවී ඇදී
පසුව පිළිලෙ වීලා සාරේ අදී
කාල බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ඉණිමං තබාලා නැගිලා බලයි
එයට පහර දීලා කඩාලා දමයි
අතීතේ නසාලා දිනුවා සිතයි
තිබූ තැනද නැතිවී පරාදේ වැටෙයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

ගහේ වැල එතීලා යාවී ඇදී
පසුව පිළිලෙ වීලා සාරේ අදී
කාල බීලා නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිසා දුවයි

ලිඳෙන් වතුර බීලා
එයින් වතුර නාලා
ලිඳට ගල් ගසාලා
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liden Wathura Bila Song Lyrics - ලිඳෙන් වතුර බීලා ගීතයේ පද පෙළ Liden Wathura Bila Song Lyrics - ලිඳෙන් වතුර බීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 21, 2022 Rating: 5

0 comments:

Post a Comment