කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa)

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

අද පෝස්ට් එක නම් ටිකක් දිගයි නමුත් කාටත් ගොඩක් වැදගත් වේවි. ඒ නිසා හොඳින් කියවන්න.මොකද මේක ඖෂධීය කෑමක් නිසා

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කුරක්කන් පිටි හුන්ඩු 3 (කුරක්කන් ඇට අරන් ගෙදරදි පිටි හදා ගන්න.කඩේ තියන කුරක්කන් පිටි කවලම්)
  • උණු වතුර කෝප්ප 2
  • වතුර
  • ලුණු 
වැව් මාළු ආනම සඳහා
  • වැව් මාළු ග්රෑම් 500
  • සුදු ළූණු බික් 10
  • මිරිස් කුඩු (රස අනුව)
  • කරි පව්ඩර් මේස හැඳි 4
  • ලුණු
  • ලොකු ළූණු ගෙඩි 1
  • අබ තේ හැඳි 1 1/2
  • කහ තේ හැඳි 1
  • ගොරකා කෑලි 2
  • කරපිංචා, රම්පෙ,සේර
  • කුරුඳු, කරාබුනැටි 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ අපි ඉස්සෙල්ලාම 😋 වැව් මාළු ආනම හදා ගමු.එතකොට ගානට ඒකට මිරිස් තුනපහ උරාගෙන රස ගානට එනව.
  2. ♦️ සේරටම කලින් මාළු ටික ගෙනාවම කපල සුද්ද කරල පොල් වතුර ටිකකට දාල විනාඩි 5 ක් 10 ක් තියන්න. මොකද පොල් වතුර වලින් මාළු වල විෂ රසායනික දේවල් තියේනම් ඉවත් වෙනව.ඒක කලින් දැනන් හිටියෙ නැත්නම් ඔන්න අද ඉගෙන ගන්න.පස්සෙ වෙනත් භාජනයකට වතුර දාල ඒකට කහ තේ හැන්දක් සහ දෙහි බෑයක් මිරිකල මේ මාළු ටික නැවත හොඳින් සෝද ගන්න.මොකද එතකොට මාළු වල පිළී ගඳ නැති වෙනව.
  3. ♦️ ගා ගනිපු පොල් ටික කබලක් ලිපේ තියල හොඳට බැද ගන්න.මතකනේ මම පොල් බදින හැටි දවසක් කිව්වෙ.ගින්දර වැඩි කරල කළු වෙන්න පුච්ච ගන්න එපා.එතකොට කර රසක් එනවා.රන්වන් පාට වෙනකන් බැදල හොඳට අඹර ගන්න.(මම නම් මිරිස් ගලේ තමයි අඹරන්නෙ. මට ඔය බ්ලෙන්ඩරයකට වැඩිය මිරිස් ගල සමීපයි.අනික ගලේ ඇඹරුවාම ගානට එනව.කමක් නෑ ඔයාල හොදට බ්ලෙන්ඩ් කර ගන්න) අඹරලා මේකට තෙල් තේ හැන්දක් එකතු කරල ගුලියක් හදල පැත්තකින් වහල තියන්න.
  4. ♦️ දැන් ඇතිලියට පොල් තෙල් මේස හැදි දෙකක් දාල අබ ටික දාල පුපුරන්න අරින්න පසුව තලා ගත් සුදු ළූණු ටික දාන්න.(සුදු ළූණු ලියා ගන්න එපා තලල ගන්න) පස්සෙ ඒකට සිහින්ව ලියා ගනිපු ලොකු ළූණු ටික දාන්න.හොඳින් කවලම් කරන්න.ගින්දර වැඩි කර ගන්නත් එපා.ඊට පස්සෙ ඒකට රම්පෙ කෑලි දෙකක් තුනක් කරපිංචා ටිකක් දාල ඒකටම මිරිස් කුඩු, කරි කුඩු ටික, කහ සහ ලුණු දාල බදින්න.විනාඩි දෙකක් වගේ හොඳින් කවලම් කරමින් බදින්න ඕන.
  5. ♦️ හරි එහෙනම් අපි මේකට මාළු කෑලි ටික දාල හොඳින් එහා මෙහා කරන්න.ඒ කිව්වෙ හොදට මාළු කෑලි වලට මිරිස් වදින්න කවලම් කරන්න.මතකනේ තවමත් ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියා ගන්න. 
  6. ♦️ දැන් හොඳට ඇතිලිය වැහෙන්න වතුර දන්න.පසුව සේර කෑල්ලක්,කුරුදු පොතු දෙකක් කරාබුනැටි කිහිපයක් සහ ගොරක කෑලි 2 ක් එක් කර පොඩ්ඩක් හෙමිහිට හැඳි මිටෙන් කවලම් කරන්න. දැන් ඇතිළිය වහන්න.වහල ගින්දර වැඩි කර පිස ගන්න. 
  7. ♦️පැය භාගයක් වගේ වෙද්දි හොද්ද නටාගෙන එද්දි අපි බැදල අඹරගෙන ගුලියක් වගේ හදා ගනිපු පොල් ටික දාල හැඳි මිටෙන් කූරු ගාන්න.
  8. ♦️ විනාඩි දෙකක් වගේ තියලා ලිපෙන් බා ගන්න.බලා ඉවර වෙලත් හැඳි මිටෙන් හැඳි ගන්න.ඇතිලිය වහන්න එපා.
  9. 😋 දැන් අපි කුරහන් තලප එක රසට හදමු.
  10. ♦️ හොදට කට පළල් ඇතිලියක් ගන්න.ඒ වගේම කැඩෙන්නෙ නැති හොඳ ශක්තිමත් හැන්දකුත් ගන්න. දැන් වතුර කෝප්ප 5 ක් මේ ඇතිලියට දාල ලුණු තේ හැඳි 2 ක් දාල උණු කරන්න.
  11. ♦️ වතුර නටාගෙන එද්දි කුරක්කන් පිටි ටික දන්න දාල හොඳින් හැඳි ගාන්න.නැත්නම් අඩිය අල්ලනවා.ඒ වගේම ගින්දර වැඩි කර ගන්න එපා.හොඳට මේක අතට තද ගතියක් එකනක්ම්  කූරු ගාමින් උයා ගන්න.වතුර මදි වගේ නම් තව උණු වතුර එක කරන්න.අන්න ඒකයි වැඩි පුර උණු වතුර ටිකක් තියා ගන්න කිව්වෙ.ඒ වගේම වැඩිපුර පිටි ටිකකුත් තියා ගන්න.මොකද වතුර වැඩි උනොත්.මම පදම දන්න නිසා එහෙම තියා ගත්තෙ නෑ.
  12. ♦️ දැන් හොදට තලපයක් වගේ ගානට ආවම ලිපෙන් බා ගන්න.දැන් පොල් කටු හැන්දක ප්‍රමාණයට අරන් ගුලි හදා ගන්න.හදා ගන්න ගුලි කෙසෙල් කොලයක් උඩින් තියා ගන්න.

♦️ බලන්න කොයිතරම් පහසුවෙන් හදා ගන්න පුළුවන්ද කියල.

♦️♦️ ඒ වගේම මේ කුරක්කන් තලප කන්න මස් හොදි,මයියොක්කා හොදි,තිබ්බටු හොදි පරිප්පු හොදි,මුං ඇට ආනම තව හත් මාලුව  වගේ ඒවත් හොඳයි.ඒත් ඉතින් වැව් මාළුවල තියන රස පදම නම් පරාද කරන්න බෑ.ඒ රස ඉතින් කාලම බලන්න ඕන.😋😋

♦️ අනික තමයි තලප කන්නෙ නෑ. ගිලිනව. කන්න ගිහින් කටේ අලව ගන්න එපා.

♦️♦️ ඔයාල සේරටම රහසක් කියන්නද? ඔයාල දන්නවද අපේ දකුණෙ විශේෂයෙන් අපේ මාතර පැත්තෙ සමහර ස්වාමීන්වහන්සේල මේ කුරක්කන් තලප වලදන්නෙ මුදවපු කිරිත් එක්ක.ඒ කිව්වෙ තලපයි,මුදවපු කිරිත් එක්ක පැණි දාල තමයි වලදන්නෙ. අම්මෝ දිව්‍යලෝක රස පරාදයි ඒ වට්ටෝරුවට නම්.. 😋😋 මම තලප එකක් අරන් තිව්ව මොකද කිරි ගෙනත් කන්න ඕන නිසා.. මතක් වෙද්දිත් කටට කෙල උනනව😋

♦️ බලන්න.මේ වගෙ සාම්ප්‍රදායික කෑම වර්ග හදන්න කොයිතරම් පහසුයිද? මොනතරම් ගුණයිද මේව.ඇයි එහෙනම් ඔය ලොකු ලොකු සන්නම් නාම තියන වස විෂ කාල බීල අපේ ලෙඩ රෝග වලට අත වනල අපේ ආයු කාලය අඩු කර ගන්නේ?

💙 කම්මැලි නැතුව මේ ටිකත් කියවන්නකො. බලන්නකො මේ කුරක්කන් වල තියන ගුණ 
♦️ කුරක්කන් කියන්නෙ ප්‍රධාන පිෂ්ඨධාතු ප්‍රභවයක්. පිෂ්ඨය 72% ක් අඩංගුය. විශේෂයෙන් ග්‍රෑම් 100 ට කිලෝ කැලරි 328 ක් තියනව.ඒවගේම ප්‍රෝටීන හා පොස්පරස් ද යහමින් අඩංගුයි. එමනිසා ඔස්ටියෝපොරෝසිස් හා ඔස්ටියෝආතරයිටිස් රෝගයට ඉතා හොඳ ප්‍රතිකාරයක් තවද විටමින් වර්ග වන තයමින්, රයිබොෆ්ලෙවින්, නියසීන් ද තියනව.

♦️ තන්තු හෙවත් කෙඳි බහුල ආහාරයකක් නිසා විශේෂයෙන් දියවැඩියා රෝගීන් හා හෘද රෝගීන් සඳහා ඉතා ගුණදායකයි. මෙහි ඇති කෙඳි ස්වභාවය නිසා කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ද තියනව. ‘ග්ලයිසිමික් ඉන්ඩෙක්’ පදාර්ථ තරමක් අඩු නිසා දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසුයි.

♦️ ඒ වගේම මෙහි අඩංගු කෙඳි නිසා මලබද්ධය වළක්වාලයි. අර්ශස් රෝගය සඳහා ද ඉතා හොඳය. කුරක්කන් ප්‍රභේද ගණනාවක් ඇත. වගා කිරීමද ඉතා පහසුය.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way

කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) කුරක්කන් තලප එක්ක වැව් මාළු ආනම හදමු (Kurakkan Thalapa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 11, 2022 Rating: 5

0 comments:

Post a Comment