කෝමාරිකා (Komarika - Alove Vera)

කෝමාරිකා (Komarika - Alove Vera) - Your Choice Way

🌿 මෙය ඉතා ප්‍රකට ඖෂධයක් වන අතර අඩි 1-2 අතර උසට වැඩෙන ශාකයකි.

🌿 එහි පත්‍ර නිර්වෘන්තකය. ඒවා සෙව්වන්දියක හැඩයට පිහිටා ඇත. පත්‍ර ඉතාම මාංසලය. සාමාන්‍යයෙන් සෙ.මි. 38 පමණ දිගය. පත්‍රයක් සෙ.මි. 7 1/2 පමණ පළලය. මි.මි. 19 ක් පමණ ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා පත්‍ර ක්‍රමයෙන් පටුවී යයි. පත්‍ර අග්‍රය උල්ය. දාරය සකණ්ටක ලෙස දන්තූරය.

🌿 ශාකයේ පුෂ්ප එල්ලෙමින් ඒකාක්ෂකවල ඇත. පුෂ්ප කහ පාටය. පරිපුෂ්පයේ කොටස්සිලින්ඩරාකාර නළයක් වශයෙන් ඒකාබද්ධ වෙයි. ඵලය ස්ඵෝටිකාවකි.

🌿 කෝමාරිකා ප්‍රභේද දෙකකි.
  1. වෙරා : කිනෙන්සීස් (vera : kinensis)
  2. වෙරා : ලිටොරාලිස් (vera : litoralis) යනුවෙනි.
🌿 මුලින් කී ප්‍රභේදයේ පත්‍ර පාදවල පැහැදිලි දම් පාටක් දක්නට ලැබේ.

🌿 දෙවනුව කී ප්‍රභේදය වෙරළබඩ පෙදෙස්හි හමුවේ. එය මුලින් කී ප්‍රභේදයට වඩා කුඩාය. ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මේ දෙවැනි ප්‍රභේදයයි.

🌿 කෝමාරිකාවල ලක්ෂණ අනුව එය ශුෂ්ක ශාකයක් බව කිව හැකිය. එය උතුරු අප්‍රිකාවට දේශීය වූ ශාකයකි.

🌿 බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ලංකාව හා චීනය ආදී රටවල වැවේ. ශාකයේ ප්‍රචාරණය සිදු වන්නේ මොටෙයියන් මඟිනි. කෝමාරිකා (Liliaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 මෙම ශාකයේ පත්‍ර ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. මාංසල පත්‍රවල අධික ලෙස නානු ඇත. මේවා ඉතා සිසිල්ය.

🌿 අර්ශස්රෝග හා ගුද මාර්ගය වේළීමේ ආබාධවලදී මේ නානු යොදා පිළියම් කෙරේ. ඒවා ඇස්රෝගවලදී ඇසට දැමීමටද යොදා ගැනේ.

🌿 කෝමාරිකා කසට රසය, සිසිල්ය, ඇසට හිතය, මල බුරුල් කරයි. රසායන ගුණයෙන් ඉහළයි.

🌿 පෙනහලු තුවාල,වාත, පිත හා සෙම කිපීමෙන් ඇතිවූ රෝ ග, ඉදිමුම්, රුජා, දැවිල්ල, දද, කුෂ්ට, ලේ ගෙඩි හා විවිධ සමේ රෝග නැති කරයි.

🌿 සෙංගමාල, ගුල්ම, පිලීහා රෝග හා උමතු රෝග ආදියෙන් පෙළෙන අයට හිසේ දැමීම සඳහා පිළියෙළ කෙරෙන තෙල් වර්ගවලට වෙනත් ඖෂධ සමග කෝමාරිකා යොදනු ලැබේ.

🌿 නූතනයේ රූපලාවණ්‍ය ශීල්පීන්ට කෝමාරිකා නැතිවම බැරි ද්‍රව්‍යයකි. සම පැ හැපත් කිරීම, සමේ ලප පැල්ලම් මැකීම, බිබිලි හා කුරුලෑ සුව කිරීම, සමේ තෙතමනය ඇති කිරීම ආදිය සඳහා කෝමාරිකා මදය හා නානු බහුලව භාවිතා කෙරේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර.

කෝමාරිකා (Komarika - Alove Vera) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෝමාරිකා (Komarika - Alove Vera) කෝමාරිකා (Komarika - Alove Vera) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2022 Rating: 5

0 comments:

Post a Comment