කිරිබදු (KiriBadu - Ipomoea Mauritiana)

කිරිබදු (KiriBadu - Ipomoea Mauritiana) - Your Choice Way

🌿 මෙය අඩි 6-7 අතර දිගට වැවෙන වැලකි.

🌿 මෙහි මුල් මහත් වී (ආකන්ද) අල සෑදේ.

🌿 කඳන් දිගය, ශක්තිමත්ය, සිනිඳුය. කිසියම් ආධාරකයක් වටේ එතී ඉහල නගී.

🌿 පත්‍ර අඟල් 4-6 පමණ දිගය. පත්‍ර තලය කොටස් 5-7 අතර සංඛාවකට පාණිවත්ව බෙදී ඇත. පත්‍ර නටුව පත්‍රය තරම් දිගය. පුෂ්ප ලොකුය. ළා දම් පාටය.

🌿 පුෂ්ප පිපෙන්නේ ගෝල සමතලීය බහු අක්ෂවලයි. වැඩි වශයෙන් මල් පිපෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. පුෂ්පයේ මුකුටය පුනිලාකාරයි. විශ්කම්භය අඟල් තුනක් පමණ ඇත.ඩිම්බකෝෂයේ කෝෂ්ඨ 4 ක් ඇත.

🌿 කිරිබදු ඵලය ස්ඵෝටිකාවකි. එය මාංසල මණිපත්‍රවලින් වැසී ඇත. දුඹුරු පාට පුළුන් වැනි කේ ශරවලින් බීජ වැසී තිබේ.

🌿 මෙය බහුවාර්ෂික ශාකයකි.

🌿 ලංකාවේ පහතරට ප්‍රදේශවල කිරිබදු බහුලය. වෙනත් නිවර්තන ප්‍රදේශවලද මේ ශාකය දක්නට ලැබේ.

🌿 දේශීය වෙදකම සදහා ඖෂධ ලෙස භාවිතා කිරීමට ඇතැම් පළාත්වල එය වවනු ලැබේ.

🌿 කිරිබදු අලවල තිබෙන කිරි වටිනා ඖධයකි.

🌿 කිරිබදු ශාකය Convolvulaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 විදාරී හා ක්ෂීරවිදාරී වශයෙන් කිරිබදු ප්‍රභේද දෙකකි. ඇතැම් වෛද්‍ය ග්‍රන්ථවල මේ දෙවර්ගය "බදු" හා "කිරිබදු" යනුවෙන් හඳුන්වයි. දීර්ඝ වූ නටු හා බොහෝ වූ කිරි ඇත්තේ ක්ෂීරවිදාරී නම් වර්ගයේය.

🌿 ඇත් අඩිය සමාන පත්‍ර හා කිරි ස්වල්ප වශයෙන් ඇත්තේ විදාරී නම් වර්ගයේය.

🌿 ක්ෂීරවිදාරී සිසිල්ය. මිහිරිය. රසායන ගුණ සහිතයි. සිරුර තර කරයි. මුත්‍ර වැඩි කරයි. ශක්තිය වඩයි. කිරි දෙන මව්වරුන්ගේ කිරි දෝෂ පහ කරයි. විෂ, පිත් කෝප වීමෙන් හටගත් වේදනා, මුත්‍ර ආබාධ, රුධිර දෝෂ, දැවිල්ල, පිත්ත ආදිය නසයි.

🌿 සෙම් වඩයි. කටහඬ පැහැදිලි කරයි. ශරීර වර්ණය ගෙන දෙයි. ක්ෂීරවිදාරී නම් වර්ගයෙහි සනාළ (කඳේ නාළ සහිත) හා නිනාළ (නාළ නැති) යනුවෙන් ප්‍රභේද දෙකකි. සනාළක වර්ගය සේවනය කිරීමෙන්, වයස්ගත වුවද ඒ බව ප්‍රකට නොවී තරුණ පෙනුමක් ලැබේ.

🌿 විදාරී ප්‍රභේදය සිසිල්ය. මිහිරිය. සිනිඳුය. බර ආහාරයකි. වාතය හා රත්පිත නසයි. සිරුර තර කරයි. කිරිබදු ශාකයේ අල අමුක්කරා, වඳුරු මෑ, බිං තල් ආදිය සමග එක්කොට වා ජීකරණ හෙවත් ලිංගික ශක්තිය වඩවන ඖෂධ තනනු ලැබේ.

🌿 එම අලවල ශුක්‍රවර්ධක ගුණයක්ද ඇත. කිරිබදු ශාකයේ කොළ විවිධ රෝගවලට ප්‍රතිකර්ම සේ යොදන පත්තු මැල්ලුම් හා පොට්ටනිවලට මුසු කෙරෙයි. කිරිබදු අල චූර්ණ, මෝදක, සෘත හා අරිෂ්ට ආදිය තැනීම සඳහාද ගනු ලැබේ.

"ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයා රූ අන්තර්ජාලයෙන්

කිරිබදු (KiriBadu - Ipomoea Mauritiana) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරිබදු (KiriBadu - Ipomoea Mauritiana) කිරිබදු (KiriBadu - Ipomoea Mauritiana) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment