Geeyen Gayanne Oba Gana Song Lyrics - ගීයෙන් ගයන්නෙ ඔබ ගැන ගීතයේ පද පෙළ

Geeyen Gayanne Oba Gana Song Lyrics - ගීයෙන් ගයන්නෙ ඔබ ගැන ගීතයේ පද පෙළ
Song Title : Geeyen Gayanne Oba Gana (ගීයෙන් ගයන්නෙ ඔබ ගැන)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යලි ඒවී
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේවී

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්

පෑයූ ඉර සඳු එලියයි ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ
පායන්න හැකිද සඳ සේ ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවාලූ

ගීයෙන් ගයන්නෙ ඔබ හට පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Geeyen Gayanne Oba Gana Song Lyrics - ගීයෙන් ගයන්නෙ ඔබ ගැන ගීතයේ පද පෙළ Geeyen Gayanne Oba Gana Song Lyrics - ගීයෙන් ගයන්නෙ ඔබ ගැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2022 Rating: 5

0 comments:

Post a Comment