Dum Dubi Hada Naguna Song Lyrics - දුම් දුඹි හඬ නැගුනා ගීතයේ පද පෙළ

Dum Dubi Hada Naguna Song Lyrics - දුම් දුඹි හඬ නැගුනා ගීතයේ පද පෙළ
Song Title : Dum Dubi Hada Naguna (දුම් දුඹි හඬ නැගුනා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දුම් දුඹි හඬ නැගුනා
රන් චාමර සැලුනා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුනා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා

සල් සපු තුරු සිරසා
මල් මුවරද ගවසා
සිල් ගත් විල් දිගැසා
පුල් හෙල් වැලි සරසා
නිල් බරවූ මයුරෝ
මල් වැස්සට රඟනා
තොල් රතු සත් පියුමෝ
බෝසත් පා සිඹිනා

දුම් දුඹි හඬ නැගුනා
රන් චාමර සැලුනා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුනා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා

තුරුලිය අතු පතරේ
බිඟුදැල් තුටු මතිනා
ලොව්තුරු ගුණ සමුදා
ගීයට පද බඳිනා
සත් වග සිත් නිවනා
මෙත් ගඟුලැල් ගලනා
සම්බුදු වන සෙදිනා
බෝසත් සඳ වඩිනා

දුම් දුඹි හඬ නැගුනා
රන් චාමර සැලුනා
චන්දන තුරු හෙවනා
ඉන්දීවර පිපෙනා
ලුම්බිණි සල් උයනා
පින් සිරියෙන් පෙවුනා
සුන්දර වූ දෙරණා
බෝසත් සඳ වඩිනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dum Dubi Hada Naguna Song Lyrics - දුම් දුඹි හඬ නැගුනා ගීතයේ පද පෙළ Dum Dubi Hada Naguna Song Lyrics - දුම් දුඹි හඬ නැගුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment