Domnasin Bara Song Lyrics - දොම්නසින් බර ගීතයේ පද පෙළ

Domnasin Bara Song Lyrics - දොම්නසින් බර ගීතයේ පද පෙළ
Song Title : Domnasin Bara (දොම්නසින් බර)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව :  ආචාර්ය වික්ටර් රත්නායක


දොම්නසින් බර නිම්වලල්ලේ
තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා //

කප් ගණන් පෙරුමන් පුරා
බුදු පදවි ලද සමිඳුන් මුවේ //
ඇඳී ඇති පින් බර සිනාවෙක
රෑඳී ඇත ලොව්තුරු සුවේ

දොම්නසින් බර නිම්වලල්ලේ
තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා

නිරාමිස සුවඳැල් බැඳුනු
හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ //
විරාගික කඳුළැල් නැගී එයි
පතා සදහම් අමරසේ

දොම්නසින් බර නිම්වලල්ලේ
තුන් ලොවේ ඝණඳුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික
දම් අමා ගඟ යයි ගලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Domnasin Bara Song Lyrics - දොම්නසින් බර ගීතයේ පද පෙළ Domnasin Bara Song Lyrics - දොම්නසින් බර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment