බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding)

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාට හතරකින්  ජෙලි (මම කිලෝ එකේ පැකට් ගත්තෙ)
  • ලොකු මිල්ක්මේඩ් ටින් 2 යි
  • උණු වතුර 
  • නිවුණු උණු වතුර 
  • ජෙලටින්  ග්‍රෑම් 150

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ ජෙලි පැකට් කඩා වෙන වෙනම හාජන හතරකට දමා වතුර මෙෂරින් කෝප්ප 2 1/2 බැගින් දමා හොඳින් දිය කරන්න.ඒකටම නිවුණු උණු වතුර කෝප්ප භාගයකුත් දමා කවලම් කරන්න.(නිවුණු උණු වතුර දැම්මම හොඳින් ජෙලි සෙට් වෙනවා)
  2. ♦️ දැන් ප්‍රමාණයට හරියන භාජන වලට දමා හොඳට නිවෙන්න තියන්න.හොඳට නිවුණාට පසු ශීතකරණයේ තියන්න.(මම නම් පැය 6 ක් තිබ්බා)
  3. ♦️ ඒ එක්කම භාජනයක් ලිප තබා ටින් කිරි එකක් කඩා එක් කරන්න.ටින් එකත් හොඳින් සෝදා දෙපාරක් වතුර එක් කරන්න.
  4. ♦️ දැන් භාජයට ජෙලටීන් ටිකක් දමා ඇල් වතුරෙන් දිය කරන්න.(මම මෙෂරින් කෝප්ප 1 කට ජෙලටීන් ග්‍රෑම් 150 ක් දැම්මා)
  5. ♦️ ඊළඟට මෙය ඩබල් බොයිල් ක්‍රමයට මෙම ජෙලටින් ටික දිය කරගන්න 
  6. ♦️ කිරි ටික උතුරාගෙන එන විට  එයට ජෙලටින් එක් කර කළවම් කරන්න. ලිපෙන් බාගෙන නිවෙන්න තබන්න.
  7. ♦️ දැන් ජෙලි ටික ශිතකරණයෙන් ඉවතට ගෙන කෑලි කපා ගන්න.(ප්ලාස්ටික් පිහියකින් හොඳට ජෙලි වල ඉරි අඳින්න පසුව ප්ලාස්ටික් හැන්දකින් ලස්ස්නට ගලවලා ගන්න.
  8. ♦️ දැන් පුඩිම හදන භාජන අරන් කැමති පරිදි වර්ණ රටාවකට ජෙලි පාට වර්ග කවලම් කර ගන්න.(මට වෙලාව මදි කම නිසා කුඩාවට කපා ගත් ජෙලි එක භාජනයකට දාල කවලම් කලා)
  9. ♦ හරි දැන් එහෙනම් උඩින් නිවා ගත් කිරි ම්ශ්‍රණය වත් කර ශිතකරණයේ තබන්න. මම නම් රැයක් තිව්වා.
🔴 හොඳට මතක තියා ගන්න මේ උඩින් දාන කිරි එක හොඳටම නිවෙන්න ඕන.නැත්නම් ජෙලි දිය වෙනවා.

🔴 මම මේ කඨින පින්කමකට හැදුවෙ.ඔයලා  කැමති ප්‍රමාණයට ගානට අමු ද්‍රව්‍ය හදා ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදමු (Broken Glass Jelly Pudding) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment