Wilada Koyida Song Lyrics - විළඳ කොයිද ගීතයේ පද පෙළ

Wilada Koyida Song Lyrics - විළඳ කොයිද ගීතයේ පද පෙළ
Song Title : Wilada Koyida (විළඳ කොයිද)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : රෝහණ වීරසිංහ


විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණී
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතින් කුමට හඬනවාද
නාඬන් සැළලිහිණී //

කුරහන් මල් හිනා නොවී
කිරි දත් ටික හැලුණී
වැව හිඳිලා සාගතයට
ගොයම් යාය මැරුණී
දුප්පත්කම හංගන්නද
නාඬන් සැළලිහිණී

විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණී
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතින් කුමට හඬනවාද
නාඬන් සැළලිහිණී

අඳුන් තෙලින් සරසන්නට
නැත අතමිට ගිහිණී
ගම් බිම් නැති අප අසරණ
නොවේද සැළලිහිණී
ඉගිල්ලිලා යන්න ඉතින්
කූඩුවෙ දොර අරිමී

විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණී
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතින් කුමට හඬනවාද
නාඬන් සැළලිහිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wilada Koyida Song Lyrics - විළඳ කොයිද ගීතයේ පද පෙළ Wilada Koyida Song Lyrics - විළඳ කොයිද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment