Ran Hiru Madalin Song Lyrics - රන් හිරු මඬලින් ගීතයේ පද පෙළ

Ran Hiru Madalin Song Lyrics - රන් හිරු මඬලින් ගීතයේ පද පෙළ
Song Title : Ran Hiru Madalin (රන් හිරු මඬලින්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : බන්දුල නානායක්කාරවසම්
තනුව : රෝහණ වීරසිංහ


රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා //

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
දිළිසෙන දිය රැළි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල් දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Hiru Madalin Song Lyrics - රන් හිරු මඬලින් ගීතයේ පද පෙළ Ran Hiru Madalin Song Lyrics - රන් හිරු මඬලින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment