Piyapath Sala Song Lyrics - පියාපත් සලා ගීතයේ පද පෙළ

Piyapath Sala Song Lyrics - පියාපත් සලා ගීතයේ පද පෙළ
Song Title : Piyapath Sala (පියාපත් සලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips ​JVPC 1057)


පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ //

මල් ගොමු පිස එන මද නල අතරමඟකදී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී //
දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා
නොදැක ඔබෙ රුව සෝකය නැඟෙයි හද පුරා

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ //
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyapath Sala Song Lyrics - පියාපත් සලා ගීතයේ පද පෙළ Piyapath Sala Song Lyrics - පියාපත් සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment