Noki Rahasak Song Lyrics - නොකී රහසක් ගීතයේ පද පෙළ

Noki Rahasak Song Lyrics - නොකී රහසක් ගීතයේ පද පෙළ
Song Title : Noki Rahasak (නොකී රහසක්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව : එඩ්වඩ් ජයකොඩි


නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ඝණ'ඳුර නැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි 
මං ආදරෙයි 
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
සිතග කැළඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදි කොට මා තබනවා තබනවා
මං ආදරෙයි 
මං ආදරෙයි 
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා

දුරින් දුර ඇති තාරකා මල් දිළෙනවා
නෙතග ඒ මල් ලෙළෙනවා පෙනෙනවා
දකිණු රිසි ඔබෙ තාරකා ඇස්
මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි 
මං ආදරෙයි 
උමතුවෙන්
ඔබේ සිත මා සොයනවා සොයනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Noki Rahasak Song Lyrics - නොකී රහසක් ගීතයේ පද පෙළ Noki Rahasak Song Lyrics - නොකී රහසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment