Muwa Muktha Latha Song Lyrics - මුව මුක්තා ලතා ගීතයේ පද පෙළ

Muwa Muktha Latha Song Lyrics - මුව මුක්තා ලතා ගීතයේ පද පෙළ
Song Title : Muwa Muktha Latha (මුව මුක්තා ලතා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ පිරිස
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආනන්ද පෙරේරා


මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

lනිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
lස - - - l

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Muktha Latha Song Lyrics - මුව මුක්තා ලතා ගීතයේ පද පෙළ Muwa Muktha Latha Song Lyrics - මුව මුක්තා ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment