Me Mayi Gahayata Song Lyrics - මේ මැයි ගහයට ගීතයේ පද පෙළ

Me Mayi Gahayata Song Lyrics - මේ මැයි ගහයට ගීතයේ පද පෙළ
Song Title : Me Mayi Gahayata (මේ මැයි ගහයට)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මෙල්රෝයි ධර්මවර්ධන


මේ මැයි ගහයට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසෙ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක්
සි‍තින් එබෙන සඳ
වැහි පොද සේ නෙතූ කඳුළු සැලේ //

වැහිපොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත
අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳු‍රූ පෙතේ //

මේ මැයි ගහයට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mayi Gahayata Song Lyrics - මේ මැයි ගහයට ගීතයේ පද පෙළ Me Mayi Gahayata Song Lyrics - මේ මැයි ගහයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment