මහත්මා ගාන්ධිගේ දිවියේ අඳුරු පැත්ත - වර්ගවාදය සහ ඔහුගේ සැක සහිත ලිංගික භාවිතයන් (Mahatma Gandhi)

මහත්මා ගාන්ධිගේ දිවියේ අඳුරු පැත්ත - වර්ගවාදය සහ ඔහුගේ සැක සහිත ලිංගික භාවිතයන් (Mahatma Gandhi) - Your Choice Way

බොහෝ දෙනා දන්නා පරිදි මහත්මා ගාන්ධි යනු 20 වන සියවසේ අවිහිංසාවාදයේ සංකේතයක් ලෙස හඳුනා ගනී. ඔහු ඉන්දියාවේ පෝර්බන්ඩර් හි උපත ලැබීය. පසුව ඔහු නීතිය හැදෑරූ අතර සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ඔහු බ්‍රිතාන්‍ය ආයතනවලට එරෙහිව වර්ජන සංවිධානය කළේය. ඊට අමතරව ඔහු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඉන්දියාවේ අවිහිංසාවාදී නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අතර වර්ණභේදවාදී යුගය තුළ දකුණු අප්‍රිකාවේ ඉන්දියානුවන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින ලදී.

සාමකාමී වෙනසක් සඳහා ගාන්ධිගේ උපදෙස් ලෝක ගෞරවයට පාත්‍ර විය. එසේ තිබියදීත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමට ඔහුට නොහැකිවිය. ගාන්ධි නොබෙල් සාම ත්‍යාගයක් සඳහා කිහිප වතාවක් නම් කරන ලද නමුත් කිසි විටෙකත් එම සම්මානය දිනා ගත්තේ නැත. සැබැවින්ම මෙයට හේතුව කුමද්ද? නොබෙල් කමිටුව ඔහු පිළිබද අප නොදැන සිටි දෙයක් දැන සිටියාද?

එහෙත් නොබෙල් කමිටුව පසුව ගාන්ධිට සාමය සදහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රදානය නොකිරීම පිළිබඳව කනගාටුව පළ කර තිබේ. ගාන්ධි සිය ජීවිත කාලය පුරාම ප්‍රදර්ශනය කළ එහෙත් එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ ඔහුගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන අපි අද විමසා බලමු.

1893 සිට 1915 දක්වා කාලය තුළ ගාන්ධි දකුණු අප්‍රිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේය. ඔහු දකුණු අප්‍රිකාවේ දුම්රියක ගමන් කරමින් සිටියදී පළමු පන්තියෙන් එළියට ඇද දැමූ විට ඒ පිළිබද ඔහු විශේෂයෙන් කෝපයට පත් විය. පළමු පන්තිය එකල කොකේසියානු සංචාරකයින් සඳහා වෙන් කර තිබුනි.  එහෙත් එවකට සිටි බොහෝ ජනප්‍රිය සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් මෙන් නොව ගාන්ධිට පළමු පන්තියේ සුදු ජාතිකයන් සමඟ වාඩිවීමට නොහැකි වීම ගැන ගැටලුවක් නොවීය. ඒ වෙනුවට, ඔහු බොහෝ ලෙස කෝපයට පත් වූයේ ඔහුට කළු ජාතිකයින් සමඟ දෙවන පන්තියේ අසුන් ගැනීමට සිදුවීම නිසාය. ඊට අමතරව ගාන්ධි කළු ජාතිකයන් පිළිකුල් කිරීම ඔහු විවිධ රැස්වීම්වලදී කළ අදහස් වලින් තවදුරටත් සනාථ විය.

වාර්ගික බෙදීම යුක්ති සහගත යැයි ඔහු විශ්වාස කළ අතර ඉන්දියානුවන් කළු ජාතිකයින්ට වඩා වැදගත් යැයි සලකන ලදී. නමුත් ඔවුන් සුදු දකුණු අප්‍රිකානුවන්ට වඩා පහත් යැයි ඔහු තරයේ කියා සිටියේය.  මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු කළු අප්‍රිකානුවන්ට වඩා ඉන්දියානුවන් උසස් බව දකුණු අප්‍රිකාවේ සුදු දේශපාලනඥයින්ට ඒත්තු ගැන්වීමට අවිහිංසාවාදී ක්‍රම භාවිතා කරන ලදී. උගත් මිනිසෙකු වූ ඔහු කළු දකුණු අප්‍රිකානුවන්ට අහිතකර වන ලෙස ඉන්දියානුවන් නඟා සිටුවීම සඳහා ඔහුගේ වචන භාවිතා කළේය. 1896 දී බොම්බායේ පැවති දේශනයකදී ඔහු දකුණු අප්‍රිකානු කළු ජාතිකයන්ට විරුද්ධව බොහෝ දේ පවසන ලදී. දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් ගැන ගාන්ධි කළ ප්‍රකාශ ලෝකයට පෙන්වන්නේ ඔහු කළු ජාතිකයන් මහත් සේ පිළිකුල් කළ බවයි. ලෝක සාමයේ සංකේතයක් ලෙස ගෞරවයට පාත්‍ර වූ ගාන්ධි මේ ආකාරයට කළු ජාතිකයන් කෙරෙහි දැක්වූ ආකල්ප නොසලකා හැරිය යුතු නොවේ.

එමෙන්ම ගාන්ධි විශ්වාස කළේ ඔහු රාගයෙන් පිරි මිනිසෙකු බවයි. 1885 දී තම මරණාසන්න පියා හැරදා ගාන්ධි තම බිරිඳ සමඟ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී සිටීමට යාම ප්‍රසිද්ධ කරුණකි. ඒ අතරවාරයේ ඔහුගේ පියා මිය යන ලදී. මෙම සිදුවීම ඔහුගේ දිවියේ හොල්මන් කළ අතර අනාගතයේ දී බ්‍රහ්මචාරී දිවියක් ගෙවීමට ශක්තියක් වූ බව පෙනේ.

එහෙත් ඔහු ගත කළ මේ බ්‍රහ්මචාරී දිවියෙහිද බොහෝ ලෙස විවාදයට තුඩු දෙන කරුණු ඇත. වරක්  ඔහුගේ බ්‍රහ්මචාරී බව පරීක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ගාන්ධි තරුණියන් දෙදෙනෙක් සමඟ ඇඳක රැයක් ගත කරන ලදී. ඔහුගේ පිරිවර බොහෝ සුන්දර තරුණියන්ගෙන් සමන්විත වූ අතර එම තරුණියන් ඔහුව නැහැවීමද සිදු කරන ලදී. 

මෙම කාන්තාවන් ඔවුන්ගේ මාර්ගය ලෙස ගාන්ධි අනුගමනය කිරීමට හා සේවය කිරීමට තෝරා ගත් බව කෙනෙකුට තර්ක කළ හැකි අතර නිදහස් සමාජයක් ලෙස ගාන්ධිට සුදුසු යැයි හැඟෙන පරිදි සේවය කිරීමට තෝරා ගැනීමට එම කාන්තාවන්ට අයිතියක් ඇති බව අප පිළිගත යුතුය. නමුත් මෙහි ප්‍රශ්නාර්ථය වන්නේ ගාන්ධි දේශනා කළ දේවල් සහ ඔහු මේ සිදු කරනු ලබන දේවල් අහසට පොළව වැනි දේවල් නිසාය.

මීට අමතරව ඔහු හිට්ලර්, මුසලෝනි වැනි දරුණු ඒකාධිපතියන් සමඟද මිත්‍රකම් ගොඩ නගා ගෙන ඇති අයෙකු බවද සදහන් වේ. ඔහු හිට්ලර් වෙත යවන ලද සමහරක් ලිපි වල සදහන් දෑ අදටද බොහෝ විවාදයන්ට භාජනය වේ.

අවසාන වශයෙන්, ඔබ ඔහුට ආදරය කළත් ඔහුට වෛර කළත් ගාන්ධි යනු පරස්පර විරෝධී මිනිසෙකි. සමහරුන්ට ඔහු සමාදානයේ සංකේතයක් වන අතර අනෙක් අය ඔහුට වෛර කරයි. බොහෝ දුරට නොබෙල් සාම ත්‍යාගයට ගාන්ධි නුසුදුසු බවට ඉඩ ඇති මෙම ප්‍රතිවිරෝධතා ගැන නොබෙල් සාම කමිටුව රහසින් දැන සිටින්නටද ඇත.

~අන්තර්ජාලය ඇසුරෙනි~
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහත්මා ගාන්ධිගේ දිවියේ අඳුරු පැත්ත - වර්ගවාදය සහ ඔහුගේ සැක සහිත ලිංගික භාවිතයන් (Mahatma Gandhi) මහත්මා ගාන්ධිගේ දිවියේ අඳුරු පැත්ත - වර්ගවාදය සහ ඔහුගේ සැක සහිත ලිංගික භාවිතයන් (Mahatma Gandhi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment