ස්ටෝබෙරි ජෙලි මූස් හදමු (Jelly Mousse) 👌

ස්ටෝබෙරි ජෙලි මූස් හදමු (Jelly Mousse) 👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ස්ටෝබෙරි රසැති ජෙලි ග්‍රෑම් 100
  • උණු වතුර මිලි ලීටර් 250
  • නිවුණු උණු වතුර කෝප්ප 1
  • නැවුම් කිරි මිලි ලීටර් 500
  • මුදරස් පලම් ස්වල්පයක් 
  • යෝගට් මේස හැඳි 3 (අත්‍යාවශ්‍යතම නැහැ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ ප්‍රථමයෙන්ම වතුර මිලි ලීටර් 250 නටන තෙක් උණු කර ගන්න. පසුව ජෙලි පැකටි එක කඩල භාජනයකට දාල හොඳින් දිය කරන්න.දැන් නිවුණු උණු වතුර කෝප්පයත් එකතු කරල සුදුසු භාජනයකට දාල හොඳින් නිවෙන්න තියල ශීතකරණයේ තබන්න.🔴 මතක තියා ගන්න ජෙලි එක හොඳට සෙට් වෙන්න ඕන.ඒවගේම වතුර එකතු කරන්න ඕන ජෙලි පැකට් එකේ සඳහන් ප්‍රමාණයෙන් අඩක් බව අනිවාර්යයෙන්ම මතක තියා ගන්න🔴🔴 මේකට පොඩි මිල්ක්මේඩ් එක හෝ පිටි කිරි ග්‍රෑම් 60 ක් උණු වතුර මිලි ලීටර් 250 ක දිය කරල ගන්නත් පුළුවන්.රස අනුව සීනි එකතු කර ගන්න.හැබැයි දුඹුරු සීනි දාන්න එපා.මම ගත්තෙ පොඩි කිරි පැකට් දෙකක්.ඔයාල මිල්ක්මේඩ් හෝ පිටි කිරි භාවිතා කරවා නම් ඒවත් හදා ගෙන ජෙලි එක එක්කම එකටම  ශීතකරණයේ තබන්න.මොකද මූස් එක හදද්දි කිරි ටිකත් ශීත මට්ටමේ තියෙන්න ඕන.🔴🔴🔴 මිල්ක්මේඩ් ගන්නවානම් අයිස් කැට එක එක දමමින් වතුර ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කරල කිරි එක හදා ගන්න.
  2. ♦️ ජෙලි එක හොඳට මිදුනාට පසු අරන් බ්ලෙන්ඩර් කප් එකට දාල කිරි ටික සහ යෝගට් ටික එකතු කරල හොඳට බ්ලෙන්ඩ් කරන්න.යෝගට් දාන්න ඕනම නෑ.මම මේ පොඩි වෙනසකට යෝගට් එකතු කරන්නෙ.
  3. ♦️ දැන් මේ මිශ්‍රණය වෙන වෙනම පොඩි වීදුරු වලට හෝ තනි භාජනයකට දාල මුදරප් පලම් ටිකක් දාල සෙට් වෙන්න තියන්න.අඩුම පැය 6 ක් වත් තියන්න.මම නම් රැයක්ම තිබ්බා.
♦️ සෙට් උනාට පස්සෙ ඉතින් මුදරස් පලම් ටිකක් හෝ ස්ප්‍රින්කල් ටිකක් උඩට දාල හැඩ කර ගන්න.ඇත්තටම හරිම පහසුයි හදන්න.
ඒවගේම අවම පිරිවැයක් යන්නෙත්.ඒ වගේම හරිම මෘදුයි.හරිම රසයි.

👹️ කිරි පිටි ගන්නවා නම් පිට රටවලින් ආනයනය කරපු වස විස එකතු කරපු පරම්පරාවක් ලෙඩ කරන ජහ ජරාව නම් ගන්න එපා.හයිලන්ඩ් හෝ පැලවත්ත වගේ එකක් ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ස්ටෝබෙරි ජෙලි මූස් හදමු (Jelly Mousse) 👌 ස්ටෝබෙරි ජෙලි මූස් හදමු (Jelly Mousse) 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 12, 2022 Rating: 5

0 comments:

Post a Comment