කොටි තරුණියගේ දිහ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි (Army Boy)

කොටි තරුණියගේ දිහ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි (Army Boy) - Your Choice Way

‘බූම්’...... එක දිගට ඇසෙන වෙඩි හඬට අතුරින් මොහොතින් මොහොත මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය වෙළීයයි. එකදිගට හිසට උඩින් පියඹා යන මල්ටි බැරල් රොකට් වෙඩි හා කාලතුවක්කු ප‍්‍රහාර හමුවේ කිලිනොච්චි නගරය අල්ලාගැනීමේ අවසන් බාධාව ලෙසින් පවතින ආරක්‍ෂක බැම්මේ තැන් කිහිපයක් පුපුරායන අයුරු සමන්ත දුටුවේය.

වසර දහයකට පමණ පෙර යුද හමුදා සේවයට බැඳුණු සමන්තට යුද්ධ කිරීම එතරම් දෙයක් නොවීය. කිලිනොච්චිය දක්වාම අභීතව ඔහු සටනේ යෙදුණි. සමන්ත ඇතුළු පිරිසට පැවරුණු විශේෂ කාර්යයක් විය. ඒ කාලතුවක්කු හා මල්ටි බැරල් ප‍්‍රහාර හමුවේ දුර්වල වන කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් අවසන් පස්බැම්ම අත්පත් කර ගැනීමයි. වැලි පිර වූ බැරලයකට මුවා වූ සමන්ත හා ඔහුගේ බඩියා එය තල්ලූ කරමින් ටිකෙන් ටික පස් බැම්ම වෙත ළඟාවීමට උත්සහ ගත්හ. තම සගයන් එකා දෙන්නා මැරි මැරී වැටෙද්දිත් ඔවුන් උත්සහ ගත්තේ තම අරමුණ ජයගැනීම උදෙසාය. කෙසේ හෝ රාත‍්‍රිය ගෙවී ආලෝකය පොළොවට පතිත වනවිට පස් බැම්ම අල්ලා ගැනීමට යුද විරුවනට හැකිවිය.

තැන තැන වැටී ඇති කොටි මළ සිරුරු අතරින් හිමින් සීරුවේ ඉදිරියට ඇදුණු පිරිසට වෙඩි වැදී මරණාසන්නව සිටි කොටි සෙබළියක දැකගත හැකි වූහ.

‘උදවි පන්නංගල්......’

ඇය උදව් ඉල්ලා කෙඳිරිගායි. සමන්ත වහා ඇය අසලට ගියේ ඇය බේරාගත හැකිදැයි බැලීමටය.

‘උදවි පන්නංගල්’

උදව්කරන්න

වහ වහා ඇයට ප‍්‍රථමාධාර දීමට උත්සහ කළද ඵලක් නොවන බව තම පිරිසට තේරුම් ගියේ ඇගේ තුවාල බොහෝ සෙයින් දරුණු වූ නිසාය. සමන්ත මොහොතක් ඇය අසල නතර විය.

‘නීර්....’

දමිළ බස දන්නා සමන්තට ඇය ඉල්ලා සිටින්නේ ජලය බව තේරුම්ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඔහු වහ වහා තම ඉනේ තිබූ ජල බෝතලය ගෙන ඇගේ හිස මඳක් ඔසවා ජලය ස්වල්පයක් මුවට වත් කළේය. ඇය අධික පිපාසයෙන් මෙන් එය ගිල දැම්මාය. ඇය තව මොන මොනවදෝ දෙමළෙන් කියාගෙන ගියාය. ඒත් ඒ මොහොතකටය. අවසානයේ සමන්තගේ මුහුණ දෙස බලාගෙනම ඈ අවසන් ගමන් ගියාය.

යුද බිමේ මෙවන් බොහෝ සිදුවීම්වලට මුහුණ දී සිටි සමන්තට එය එතරම් පීඩනයක් ඇති කළ දෙයක් නොවීය. ඒ ඔහුට සිතුණු හැටිය. ඔවුහු තව තවත් ඉදිරියට ගමන් කළහ. මොහොතින් මොහොත ගෙවීයද්දී ඇගේ මුහුණ ඔහු ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය. ජීවිතය රැුකගැනීමට පණ යදින ඒ මුහුණ ඔහුගේ සිත අවුල් කළේය. තම නැගණියකටත් වඩා අනුකම්පාවක් සමන්තගේ සිත තුළ මොහොතකට ඇතිවිය, යුද්ධය වෙඩි හඬ මෝටාර් අතරින් ඔහුගේ දෙසවන තුළ වරින් වර

‘උදවි පන්නංගල්......’

යන්න දෝංකාර දෙන්නට විය. මෙම පීඩනය සමන්තට දරාගත නොහැකි පීඩනයක් බවට පත්විය. පස්බැම්ම අල්ලා ගැනීමත් සමගම ඔවුන්ට දිනක විවේකයක් උදෙසා පසුපසට පැමිණීමට අවස්ථාව උදාවිය. එහෙත් එය සමන්තගේ හිත හැදීමට සමත්වූයේ නැත. ක‍්‍රමයෙන් අන්ධකාරය දසතින් ගලාගෙන ආවේය. ඔහු අරමුණකින් තොරව පස්බැම්ම වෙත යළි ගමන් කළේය. තවමත් වෙඩි වැදුණු කොටි මළ සිරුරු තැන තැන වැටී ඇත. ඔහුගේ ගමන නතරවූයේ තම සිත පීඩාවට පත්කරන කොටි සෙබළියගේ මියැදුණු සිරුර අසලය. ඔහු එතැන කොපමණ වෙලා බලා සිටියාදැයි කියා ඔහුට මතක නැත. තම හිතවත් හමුදා සෙබළකුගෙන් පිටට වැදුණු පහරකින් ඔහු මොහොතකට පියවි ලෝකයට පැමිණියේය. ටිකෙන් ටික රාත‍්‍රිය උදාවිය. සමන්තට තම ශරීරයේ කුමක් හෝ ගැටලූවක් පවතින බව දැනෙන්නට විය. කිසිදා නොතිබුණු බියක් ඔහුගේ සිතට දැනෙයි. තම සොයුරන් තුළින් ඔහුට නුහුරු බවක් දැනෙයි. මධ්‍යම රාත‍්‍රිය එළඹීමත් සමගම ඔහුගේ හිස ඔසවාගෙන සිටින්නට නොහැකි බව ඔහුට වැටහුණි. ඔහු අත තිබූ ආයුධය පසෙකින් තබා ගසක් මුල වාඩි විය. ටික වේලාවක් ගතවිය. ඔහු සිහිසුන්ව බිම ඇදගෙන වැටුණි.

සහෝදර සෙබළුන්ගේ මැදිහත්වීමෙන් ඔහුව සටන් බිමේ පසුපසට එවීය. අධික වෙහෙස හා මානසික පීඩනය මත ඔහු රෝගී වී ඇති බව සිතූ නිලධාරීහු ඔහුට දින පහළොවක නිවාඩුවක් ලබා දී ගමට එවීය.

ඔහු ගමට පැමිණියේය. දින කිහිපයක් ගෙවී ගියේය. ඔහු තුළ වෙන දා නොපැවති ගැටලූවක් ඇති බව මාපියන්ට ටිකින් ටික තේරුම් යන්නට විය. එක් දිනක් රාත‍්‍රියේ සමන්තගේ කාමරය දෙසින් ඇසුණු කෑගැසීමේ හඬකින් නිවසේ සියල්ලෝම ඇහැරී ඒ දෙසට දිව ආහ. සමන්ත ඇඳේ මුල්ලට වී දෙමළෙන් මොන මොනවදෝ කියා කෑගැසුවේය. ඔහු කියන්නේ කුමක්දැයි කියා හෝ නිවැසියන්ට තේරුම්ගත නොහැකි වූයේ ඔහුගේ මුවින් පිටවූ භාෂාව තේරුම්ගත නොහැකි වූ නිසාය. කාමරයේ විදුලිබුබුළු දැල්වීමත් සමග සමන්තගේ හැසිරීම වෙනස්විය. ඔහුට ඔහු මෙතෙක් වේලා හැසිරුණු ආකාරය මතක නැත.

සමන්තට නිවැසියන් සියල්ලම තුළ ආගන්තුක බවක් දැනෙයි. මෙතෙක් කලක් රණබිමේ දස්කම් දැක් වූ ඔහුට මේ දින කිහිපය වසරක් සේ දැනෙන්නට විය. පසුදින රාත‍්‍රියේ නිවසේ සියල්ලන්ම රූපවාහිනිය නරඹමින් සිටියේය. ප‍්‍රවෘත්ති විකාශයේ උතුරු යුද බිමේ දර්ශන දකිත්ම සමන්ත යළිත් කලබල වූවේය. ඔහු දෙමළෙන් කෑගසන්නට වූයේ දරුණු ලෙසය. ඉන්පසු වේගයෙන් දිව ගොස් ඇඳයට සැඟවී සිටියේය. ඔහු යම් මානසික කම්පනයකට ලක්ව ඇතැයි මාපියෝ සිතූහ. ඔහුව කිසිලෙසකවත් එළියට ගැනීමට හැකිවූයේ නැත. ගෙදර අය ඇඳ ඔසවා පැත්තකට තැබීමත් සමගම ඔහු ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට විය. ඇඳේ ගැලවී තිබූ ඇඳ පොල්ලක් අතට ගත් ඔහු නිවැසියන්ට එය පෙන්නමින් දමිළ බසින් තර්ජනය කරන්නට විය. කිසිවකු ඔහුට ළංවූයේ නැත. ඔහු කාමරයේම එලෙස සිටි අතර පැය 2-3කට පසුව තරමක් සන්සුන් බවට පත්විය. රාත‍්‍රී නින්දෙන් පසු ඔහු පියවි තත්ත්වයට පත්විය.

ඔහුට පසුදා පෙරවරුවේ දෙහි ටිකක් කපා නූලක් දැම්මෙව්වේය. එහෙත් ඉන් ප‍්‍රතිඵලයක් නොමැතිවිය. වරින් වර සමන්තගේ හැසිරීම් වෙනස් වන්නට විය. මේ පිළිබඳ මාපියෝ යම් නිලධාරියකුට දැනුම් දුන්හ. අනතුරුව නිලධාරීන් පිරිසක් නිවසට පැමිණියහ. හමුදා වාහනය මිදුලේ නතරවත්ම සමන්ත දැඩි ලෙස කලබලයට පත්විය. එයින් හමුදා නිලධාරීන් බිමට බැස නිවස දෙසට පැමිණෙත්ම සමන්ත නිවසේ පිටුපසින් එළියට පැන දුවන්නට විය. එසේ දිවගිය සමන්තව සොයාගැනීමට බොහෝ අසීරුවිය. අවසානයේ හවස්වන විට ගමේ පාළු ඉඩමක පඳුරු අතර සැඟවී සිටි සමන්තව සොයාගත හැකිවිය.

එතැන් පටන් සමන්තගේ හැසිරීම තවදුරටත් ප‍්‍රචණ්ඩ වූ අතර ඔහු බොහෝවිට හැසිරෙන්නට පටන් ගත්තේ දරුණු කාන්තාවක පරිද්දෙනි. නින්දෙන් අවදි වූ නොයෙක් විට ඔහු ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණු අතර නිවසේ කිසිවෙකුටත් ඔහුව පාලනය කිරීමට අපහසු විය. මේ අතර ඇතැම්විටෙක හිටිවනම නින්දෙන් මහ ? අවදිවන ඔහු සිමෙන්ති පොළොවේ වැතිර කාමරය වටේ බඩ ගා යයි. පොළොව පුරා පෙරළෙයි. ඇඳ යට රිංගයි. ඒ අතර මහත් උනන්දුවෙන් වටපිට බලයි. එසැණින් දිවගොස් හැංගෙයි. මේ අයුරින් ඔහුගේ සිරුර ඩහදියෙන් නැහැවී යනතෙක්ම විවිධ ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිරීමට සමන්ත පුරුදු වූ අතර, එය දිනෙන් දිනම වැඩි වූවා මිසක කිසිදු අඩුවීමක් දක්නට නොලැබිණි.

එපමණක් නොව දිනක් සමන්තගේ රෝගී තත්ත්වය විමසීමට පැමිණි හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට තැත්කළ සමන්ත විටෙක ඔවුන් දැක බියෙන් පළායෑමටද තැත් කළේය. හමුදා සෙබළු දුටු විගස නිවසේ මුල්ලකට වී දමිළ බසින් අපැහැදිලි වචන මාලාවක්ද ඔහුගේ මුවින් නික්මිණි. වෙනදා බොහෝ සෙයින් සන්සුන් චරිතයක් වූ සමන්තට මේ හිටිහැටියේම කුමක් සිදු වූයේද යන්න ඒ වනවිටත් කිසිවෙකුට හෝ තේරුම් ගත නොහැකිවිය.

තත්ත්වය බොහෝ සෙයින් බැරූරුම් බව නිවැසියෝ මෙන්ම නිලධාරීහුද තේරුම්ගත්හ. වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව යකැදුරකුගේ පිහිට සෙවීමටද නිවැසියෝ තීරණය කළහ. මේ අතරතුර වැලිමඩ ප‍්‍රදේශයේ සිටිනා ස්වාමි කෙනකු පිළිබඳ ඔවුන්ට තොරතුරු ලැබුණි. ඔහු තරමක් වෙනස් ආකාරයේ පුද්ගලයෙකි. විශේෂිත ශක්තියක් හරහා කටයුතු කරන ඔහුට සමන්තට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

යම් මළගිය ආත්මයක් සමන්තව පාලනය කරන බව ඔහුට වැටහුණි. ඔහු මළගිය ආත්මය හා මනසින් සම්බන්ධවීමට උත්සහ කළද එම ආත්මය ශක්තිමත් මෙන්ම තරමක දරුණු ආත්මයක් බව ඔහුට තේරුණි.

හින්දු කෝවිලක් තුළදී මෙම ආත්මයේ බලය පාලනය කළ හැකි බව අදාළ ස්වාමීට වැටහුණි. ඔහු සමන්තව ජනප‍්‍රිය කෝවිලක් වෙත රැුගෙන එන ලෙස පැවසීය. සමන්තගේ සමීප හිතවතුන් කිහිපදෙනකුද ඔහු සමග පැමිණියහ. කෝවිලට ඇතුළු වූ සැණින් සමන්ත ගොස් කාලි මැණියන් ඉදිරියේ වැඳ වැටුණේය. කිසිම දිනක කෝවිලකට ගොස් දෙවියන් වැඳ නැති ඔහු පුරුදුකාරයකු ලෙස සින්¥ර් තැටියෙන් සින්¥ර් ටිකක් ගෙන මොට්ටුවක් තබා ගත්තේය.

කෝවිලේ එක් තැනක විශේෂ පූජාවක් සකස් වෙමින් පැවැතුණි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ අප කලින් හැඳින්වූ ස්වාමීය. සමන්තව ළඟට කැඳවා එතැනින් වාඩිකර ගත් ස්වාමි, කිහිපදෙනකුට ඔහුව අල්ලා ගැනීමට සූදානමින් සිටින ලෙස පවසා තිබුණි. ඉන්පසු මතුරන ලද කපුරු ස්වල්පයක් ඇඟිල්ලකට ගෙන ඇඟිල්ල සමන්තගේ නළල මත තබාගෙන මතුරන්නට විය. ටිකින් ටික සමන්ත දරුණු ආකාරයෙන් හැසිරෙන්නට විය. ඔහුව අල්ලාගැනීමට සිදුවූයේ ඔහු නැඟිට දිවයෑමට උත්සහ කළ හෙයිනි. ස්වාමි මැතිරීම නතර කළේ නැත. හතරදෙනකු එක්ව සමන්තව අල්ලාගෙන සිටීම පහසු කාර්යයක් වූයේ නැත. අවසානයේ ඔහු සන්සුන් විය. ස්වාමි සමන්ත තුළ වූ ආත්මය සමග කතාකරන්නට විය. (දෙමළ භාෂාවෙන් වූ සංවාදය අපි සිංහලෙන් පළකරමු*

‘උඹ කවුද’

‘කාඩර් කෙනෙක්’

‘කාඩර් කෙනෙක් කියන්නේ කවුද’

‘එල්ටීටීඊ කාඩර් කෙනෙක්’

‘ඇයි මේ ඇඟට රිංගුවේ’

‘මෙයා විතරයි මං ගැන හිතුවේ’

‘ඒ කොහොමද’

‘මම වෙඩි වැදිලා මැරෙන්ඩ පණ අදිනකොට මෙයා විතරයි මං ළඟ නතර වුණේ. මං ගැන බැලූවේ’

‘ඒ කිවුවේ’

‘මෙයා විතරයි මං මැරෙන්න පණ අදිනකොට මට වතුර උගුරක් දුන්නේ. අපේ අය මාව දාලා ගියා. මං තනිවෙලා හිටියේ’

‘ඒත් ඇයි මෙයාගේම ඇඟට රිංගුවේ’

‘මම අපේ අයට බයයි. ඒ අය මාව යුද්දෙට ඇඳගෙන ආවේ බලෙන්. මම එතකොට ඉස්කෝලෙ යන ගමන් හිටියේ. එක දවසක් අපේ ගෙදරට කඩා පැන්නා. උන් මාත් මගේ සහෝදරයොත් යුද්දෙට අරන් ගියා. එදා ඉඳලා මම කළේ යුද්ධ කරපු එක විතරයි. ඔය අතරෙ මගේ සහෝදරයත් වෙඩි වැදිලා මැරුණා’

‘ඉතින් ඇයි උඹ මේ ඇඟට රිංගුවේ’

‘මෙයා මාව බේරගනියි කියලා හිතුණා. අපිට කියලා තිබුණේ හමුදාවේ උන්ට හිතක් පපුවක් නෑ කියලයි. ඒත් මෙයා ඒක වෙනස් කළා. මෙයා මාව බේරගත්තා’

අවසානයේ ඇයගේ ආත්මය ඉතා අපහසුවෙන් ඔහුගේ ශරීරයෙන් ඉවත්වීමට පොරොන්දු කරවා ගත් අතර, ඇය ඊට කැමැති වූයේ ඇයගේ ආත්මය මුදවාලීමේ පොරොන්දුව පිටය. මේ යුද්ධයෙන් මිය ගිය තවත් එක් අසරණ එල්ටීටීඊ කාන්තාවකගේ ඉරණම පමණි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොටි තරුණියගේ දිහ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි (Army Boy) කොටි තරුණියගේ දිහ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි (Army Boy) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 12, 2022 Rating: 5

0 comments:

Post a Comment