ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent)

ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent) - Your Choice Way

එෆ්බීඅයි ඉතිහාසයේ සිදුව ඇති විශාලතම තොරතුරු පිටතට යාම ලෙස සැලකෙන රොබට් හැන්සන්ගේ වංචාව නිසා ඔහු මිලියන ගණනක් දියමන්ති හා මුදල් උපයා ගන්නා ලදී. නමුත් එම නිසා එෆ්බීඅයි සංවිධානයට ඩොලර් මිලියන 7 ක පාඩුවක් සහ තොරතුරු සපයන්නන් තිදෙනෙකුගේ ජීවිතද අහිමි විය.

වර්ජිනියාවේ තරමක් නිහඩ උප නගරයක් වූ වියානාහි පදිංචිකරුවන්ට රොබට් හැන්සන් යනු පරිපූර්ණ අසල්වැසියෙක් විය.  සැදැහැවත් කතෝලිකයෙක් වූ ඔහු ආදරණීය පියෙක් සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ කැපවූ සේවකයෙකු ලෙස එම ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයෙකි. 56 හැවිරිදි මේ පුද්ගලයා ගැන කුමන හෝ සැකයක් මේ අසල්වාසීන් ට නොතිබිණි.

නමුත් සැබැවින්ම ඔහු පිටතින් පෙන්නාගෙන සිටි පුද්ගලයා නොවන බව බොහෝ දෙනා නොදැන සිටියහ. ඔහු වසර 20ක් තිස්සේ එක්සත් ජනපද ඔත්තු බැලීම පිළිබද කරුණු, ආරක්ෂාව සහ පරිගණක පද්ධති පිළිබඳ තොරතුරු රුසියාවට ලබා දෙනා ලදී. 2001 දී ඔහුව අවසානයේදී අල්ලා ගන්නා විට, හැන්සන් ගණන් කළ නොහැකි තරම් රහස් තොරතුරු ලබා දී, එක්සත් ජනපද තොරතුරු සපයන්නන් තිදෙනෙකුට ඔවුන්ගේ මරණයට මඟ පෑදූ අතර, “එෆ්බීඅයි ඉතිහාසයේ වඩාත්ම හානිකර ඔත්තුකරුවෙකු” ලෙස පසුව ඔහුව හදුන්වන ලදී.

රොබට් පිලිප් හැන්සන් එෆ්බීඅයි හි තම සේවය ආරම්භ කිරීමට පෙර සිටම යම් යම් රැකියාවන් කරමින් කරදර වලට මුහුණ දුන් අයෙකි. පොලිස් නිලධාරියකු වූ ඔහුගේ පියා කුඩා කළ සිටම ඔහුට නොයෙක් හිරිහැර කල බවට වාර්තා වේ. කෙසේ හෝ අවසානයේදී 1966 දී ඔහු රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලැබීය. ඔහු බොහෝ ලෙස ආශාවන් දැක්වූයේ කේත, රේඩියෝ පණිවුඩ යැවීම සහ තවත් කුඩා විද්‍යුත් උපකරණ පිළිබඳවය. පුදුමයකට මෙන් එහිදී ඔහුට රුසියන් භාෂාව ඉගැනීමට ආශාවක් ඇති වූ අතර එහිදී ඔහු කියා සිටියේ දිනක ඔහු සෝවියට් ඔත්තුකරුවන් අල්ලා ගන්නා බවයි.

යාන්ත්‍රික දේවල් කෙරෙහි ඔහුගේ දැඩි ඇල්මක්  තිබියදීත්, හැන්සන් තම පියාගේ කැමැත්තට එකඟව  දන්ත පාසලකට ඇතුළත් විය. ඉන්පසු බර්නාඩෙට් “බොනී” වෝක් නම් කාන්තාවක් සමග විවාහ වූ ඔහු දන්ත පාසලෙන් ඉවත් වී ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන ලදී. අවසානයේ, 1975 දී ඔහු එෆ්බීඅයි වෙත අයදුම් කළ අතර ඔහුව තෝරා ගත් බවට නැවත ඇමතුමක් ලැබුණි.

වර්ජිනියාවේ ක්වාන්ටිකෝ හි සති ගණනක පුහුණුව අවසානයේ රොබට් හැන්සන් විශේෂ නියෝජිතයෙකු ලෙස දිවුරුම් දී එක්සත් ජනපදයට පක්ෂපාතී වන බවට ප්‍රතිඥ දෙන ලදී. 1979 වන විට හැන්සන් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ඇතුළු පවුල නිව්යෝක් නගරයට ගෙන එන ලදී.  එෆ්බීඅයි ප්‍රතිපත්තියට අනුව එය සිදු වූ අතර එහෙත් විශාල නගරයක ඉහළ ජීවන වියදම සඳහා ඔවුන් අමතර ගෙවීමක් ලබා දුන්නේ නැත.

අඩු වැටුප්, දිගු පැය ගණන් වැඩ කිරීම් තිබියදීත් එෆ්බීඅයි ඔහුට වැඩි වගකීමක් භාර දුන්නේය.  ඔහු බුද්ධි අංශයට මාරු කළ අතර, හැන්සන් එක්සත් ජනපදයේ ඔත්තු බැලීම පිළිබඳ වඩාත් සංවේදී රහසිගත ලේඛන වෙත ප්‍රවේශය එලෙස ලබා ගත්තේය. සෝවියට් පුරවැසියන් සහ එම රටේ නිලධාරීන් ඉලක්ක කර ගත් නිරීක්ෂණ මෙහෙයුම් හා සම්බන්ධ සියලු තොරතුරු ඔහු දැන සිටි අතර ඔහුගේ මනසෙහි සැලැස්මක් නිර්මාණය වීමට පටන් ගත්තේය.

තම මුදල් කරදරවලින් මිදීමට සිතූ හැන්සන් එක්සත් ජාතීන්ගේ සුළු සෝවියට් නිලධාරියෙකුට නිර්නාමික ලිපියක් යවන ලදී. ඔහු යූඑස්එස්ආර් හි විදේශීය මිලිටරි බුද්ධි ඒජන්සිය වන ජීආර්යූ හි ඉහළ පෙළේ නිලධාරියෙකුගේ නමක් ඩොලර් 20,000 කට හුවමාරු කිරීමට කැමති බව දන්වා යැවීය. එයට සෝවියට් නිලධාරියා එකඟ වන්නේ නම්, ඔවුන්ට විලේජ් වොයිස් නම් පුවත්පතේ පුද්ගලික දැන්වීමක් හරහා හුවමාරුව සඳහා කටයුතු කළ හැකි බව හැන්සන් ලිවීය. සති කිහිපයකට පසුව, දැන්වීමට පිළිතුරු ලැබුණි.  හැන්සන් දැන් නිල වශයෙන් සෝවියට් සංගමයේ සේවයේ යෙදී සිටී.

මේ අතර, හැන්සන් අයවැය කාර්යාලයේ වැඩ කිරීම සඳහා එෆ්බීඅයි හි ප්‍රධාන මධ්‍යස්ථානය වන වොෂිංටන් ඩී.සී. වෙත නැවත උසස් කරන ලදී.  නම්, අරමුදල්, ස්ථාන සහ දිනයන් මෙන්ම නියෝජිතයින්, ඔත්තුකරුවන් සහ තොරතුරු සපයන්නන්ගේ ක්‍රියාකාරකම් ඇතුළුව සෑම ක්‍රියාකාරී මෙහෙයුමකම පාහේ ඊටත් වඩා රහසිගත තොරතුරු ලබා ගැනීමට ඔහුට දැන් අවස්ථාව තිබේ. වර්ජිනියාවේ වියානාහි ඩොලර් 150,000 ක නිවසක් මිලදී ගැනීමෙන් පසු හැන්සන් නැවත ඔත්තු බැලීම සඳහා යොමු විය.  ඉතින්, 1985 ඔක්තෝබර් 1 වන දින ඔහු තවත් ලිපියක් ලිවීය.

මේ ලිපියෙන් හැන්සන් සාක්ෂි සහිතව එෆ්බීඅයි හි වැටුප් ලේඛනයේ සිටි සෝවියට් ඔත්තුකරුවන් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් කළ අතර ඒ සදහා  ඔහු ආපසු ඩොලර් 100,000 ක් ඉල්ලා සිටියේය. මේ අතර, හැන්සන් දුන් එම තොරතුරු වලට අනුව නැවත මොස්කව් වෙත ගිය පසු එම ඔත්තුකරුවන් වහාම මරා දමන ලදී.

මෙම නව ඔත්තුකරු විශ්වාස කළ හැකිද යන්න පිළිබඳව මොස්කව්හි කරන ලද දීර්ඝ විවාදයකින් පසුව නොවැම්බර් 2 වන දින වර්ජිනියාවේ වියානාහි නොටෝ උද්‍යානයේ පාලමක් යටට පැමිණීමට හැන්සන්ට උපදෙස් දෙන ලදී.  එහිදී ඔහු මුදල් අඩංගු  බෑගයක් සොයා ගත්තේය.  එය ඔහුගේ සෝවියට් නියෝජිතයෙකු ලෙස දිගු වෘත්තියක ආරම්භය විය.

ඊළඟ වසර කිහිපය තුළ හැන්සන් ඩොලර් දස දහස් ගණනකට රහස් ගණනාවක් විකුණනු ලැබීය. මේ වන විට පැහැදිලිවම එක්සත් ජනපද ප්‍රති-බුද්ධියේ හිඩැස් සිදුරක් තිබූ බව හඳුනා ගත් ඇමරිකාව ඒ සඳහා වගකිව යුතු පුද්ගලයා සොයා ගැනීමට පවා ඔහුට පවරා ඇත. ඔහු තමාගෙන් අවධානය වෙනතකට යොමු කර ගැනීමට මේ අවස්ථාව යොදා ගත්හ.

වොෂිංටන්හි සෝවියට් තානාපති කාර්යාලයට යටින් හාරා තිබූ රහස් උමගක් ගැන හැන්සන් හරහා කේ.ජී.බී.ය සොයා ගත් වැදගත් තොරතුරකි. ඊට අමතරව ඔවුන්ගේ ඔත්තුකරුවන් සැකයට භාජනය වී එක්සත් ජනපදය සඳහා වැඩ කරන ද්විත්ව නියෝජිතයින්ගේ පුළුල් ලැයිස්තුවක් ලබා ගත් විට එයද හැන්සන් ඔවුන්ට අනතුරු ඇඟවීය. මේ ආකාරයට ඔහු ඩොලර් මිලියන ගණනක් සොයා ගන්නා ලදී.

නමුත් 1991 දෙසැම්බර් මාසයේදී සෝවියට් සංගමය බිඳ වැටුණු විට ඔහුගේ ජීවිතය ද වෙනස් විය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් ඉක්බිතිව සෝවියට් බුද්ධි අංශ වල කටයුතු කළ නියෝජිතයන් තොරතුරු විකිණීමට පටන් ගන්නා ලදී. මෙහි පරික්ෂන 2001 වන තුරුම පැවති අතර  ඉතා සියුම්ව සිදු විය. කෙසේ හෝ අවසානයේ ඔහු අත්අඩංගුවට පත් විය. ඒ අවස්ථාවේදී ඔහු විමසා සිටියේ  "ඔබලාට මෙතරම් කාලයක් ගත වූයේ ඇයිද?” යන්නයි. 

ඔත්තු බැලීම් 14 ක් සදහා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඔහුට මරණීය දණ්ඩනය නියම විය. විශේෂයෙන් ඔහුගේ ක්‍රියා හේතුවෙන් එක්සත් ජනපදය සඳහා සෝවියට් තොරතුරු දැනුම් දෙන්නන් ඝාතනය කිරීමට හේතු විය. ඔහුට දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබමින් කොලරාඩෝ හි ෆ්ලෝරන්ස් හි ෆෙඩරල් සිරකඳවුරේ වාසය කරයි.

විශ්මිත ඉතිහාසය
ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent) - Your Choice Way
1962 දී ඔහු උසස් පාසලේ අධ්‍යාපනය ලබන අතරතුර

ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent) - Your Choice Way
කේ.ජී.බී. ය විසින් ඔහුට ගැනීමට මුදල් දමා ගිය පාලම
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent) ඇමරිකානු රහස් මොස්කව් වෙත වසර 22 ක් විකුණූ එෆ්බීඅයි ද්විත්ව නියෝජිතයාගේ කතාව (The Story Of The FBI Dual Agent) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2022 Rating: 5

0 comments:

Post a Comment