Wahala Sewili Kala Pol Athu Song Lyrics - වහල සෙවිළි කල පොල් අතු ගීතයේ පද පෙළ

Wahala Sewili Kala Pol Athu Song Lyrics - වහල සෙවිළි කල පොල් අතු ගීතයේ පද පෙළ
Song Title : Wahala Sewili Kala Pol Athu (වහල සෙවිළි කල පොල් අතු)
ගායනය : ස්වර්ණලතා කවීෂ්වර
සංගීතය : ස්වර්ණලතා කවීෂ්වර
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරළක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවණද ගස යට ඇත්තේ

පාළුව මැකුණේ නිරතුරු කුරුළු ගීයටයි
සාමය සම්පත රැඳුණේ කුරුළු කූඩුවෙයි
සුළං රැළින් හදට හුස්ම පොද පොද සැපයෙයි
එයින්ම ජීවත්වන්නෝ ඒ ගැන නොසිතයි

වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරළක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවණද ගස යට ඇත්තේ

මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවෙකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිසෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තණපත් මිය යයි
හෙටත් අළුත් දළු ලියලයි සොබා දම එයයි

වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරළක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවණද ගස යට ඇත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahala Sewili Kala Pol Athu Song Lyrics - වහල සෙවිළි කල පොල් අතු ගීතයේ පද පෙළ Wahala Sewili Kala Pol Athu Song Lyrics - වහල සෙවිළි කල පොල් අතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2021 Rating: 5

0 comments:

Post a Comment