Thri Mana Song Lyrics - ත්‍රි මාන ගීතයේ පද පෙළ

Thri Mana Song Lyrics - ත්‍රි මාන ගීතයේ පද පෙළ
Song Title : Thri Mana (ත්‍රි මාන)
Artist : Ramesses Reezy
Written By : Ramesses Reezy
Mixing & Mastering : Adeesha Beats ( Zee Major Studio )
Produced By : Flowers in Narnia 
Video Director : Wagmee
Edit : Wagmee
DOP : Wagmee
Colorist : Wagmee


ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්

හිතත් රන් රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගෙ එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

විකාර නම් ඇති මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති උබට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි

වැඩි ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් 
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගෙ කාචයන් පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන්
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් රින නෙවෙයි ආරේ මගේ ධන වන්
පරදන් යක්කුන් මගෙ එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී
දැන් නැ රින ගතී මට මාව වටී
කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති
විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී

රාමු කඩා බිද පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත
මම වෛරය ගනන් ගන්නැ
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ
වෙනක්න් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ
මගෙ පාට වෙන හීන බලන් හිද
මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ
අරුත දකිමින් ගමන් කරයි උඩට
විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි
තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින්
හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං වචන වල ඇත හැගීම්
පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thri Mana Song Lyrics - ත්‍රි මාන ගීතයේ පද පෙළ Thri Mana Song Lyrics - ත්‍රි මාන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment