Song Title : Tharaha Wanu Epa (තරහා වනු එපා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙණිපිටිය
1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Shans - 1007)
තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි //
පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි
තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි
පාසැල් සමයේ සිට ඈ හඳුනමී
කලකින් ඈ මා හමුවී නෑ යළී
එනිසයි මෙසේ මතකේ පැටලුණේ
තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි //
0 comments:
Post a Comment