Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ

Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ
Song Title : Sahasak Pathuman (සහසක් පැතුමන්)
ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

අතීතයක් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවනු ලැබුවා..//
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා..
මතකද මා ඉකිබිඳ හැඬුවා..

සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..

සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ Sahasak Pathuman Song Lyrics - සහසක් පැතුමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment