Arunalu Ihirunu Song Lyrics - අරුනළු ඉහිරුණු ගීතයේ පද පෙළ

Arunalu Ihirunu Song Lyrics - අරුනළු ඉහිරුණු ගීතයේ පද පෙළ

Arunalu Ihirunu Song Lyrics - අරුනළු ඉහිරුණු ගීතයේ පද පෙළ
Song Title : Arunalu Ihirunu (අරුනළු ඉහිරුණු)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් //
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ මල් කැකුළේ නව මුදු සුවඳක්
මා හද පිරිමැද පවසයි රහසක් //
විකසිත වෙයි සිතිවිලි දහසක්
සුවඳත් වියැකෙයි
නොහිතනු මැන ඇල්මක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් //
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

මේ බිඟු අරණේ ඇත මල් සහසක්
මා නෙතු කළඹා නැත ඉන් කිසිවක් //
ඔබ පුබුදයි නිකලැල් පැතුමක්
සිතු දේ නොම වෙයි
එය වේ ලෝ දහමක්

අරුනළු ඉහිරුණු මල් කැකුළක්
දෙනෙතට මුසුවුණු සුබ දසුනක් //
දෝතට ගන්නට වෙයි හැඟුමක්
මල් සැම පරවෙයි නොසිතනු මැන අහිතක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arunalu Ihirunu Song Lyrics - අරුනළු ඉහිරුණු ගීතයේ පද පෙළ Arunalu Ihirunu Song Lyrics - අරුනළු ඉහිරුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment