ශාපලත් දුරකථන අංක මෙන්න (Phone Number)

ශාපලත් දුරකථන අංක මෙන්න (Phone Number) - Your Choice Way

මේ පාර පොඩ්ඩක් වෙනස් කතාවක් ලිව්වේ.තව හොල්මන් සෙල්ලමක් නම් නෙවෙයි මේ.

ශාපලත් බෝනික්කෝ, පුටු, සොහොන්, චිත්‍ර, භාජන වගේ දේවල් ගැන ඔයාලා ඕන තරම් අහලා ඇති.ඒත් කලින් අහල තිබුනද ශාපලත් දුරකතන අංක ගැන???

මේ ලිපියේ සඳහන් වෙන්නේ ඒ වගේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ශාපලත් අංක ලෙස සැලකෙන දුරකතන අංක පිළිබඳවයි.

ඉතින් phone number එකක් මේ වගේ ශාපලත් දෙයක් වෙන්න පුළුවන්ද බැරිද කියලා පිළිගන්න එක ඔයාලට භාරයි.

මෙම දුරකතන අංක විවිධ ප්‍රදේශ වල පුරාවෘත වලට අනුව ශාප ලත් ඒවා ලෙස සැලකෙනවා.මෙම අංක වලට ඇමතුම් ලබා ගැනීම හෝ ඒවාගෙන් ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම අසුභදායක ලෙස ඒ ඒ ප්‍රදේශ වල පිළිගන්නවා.සමහර ප්‍රදේශ වල මේවා යක්ෂයාගේ අංක ලෙසද හඳුන්වනවා.ඉතින් ඒ වගේ ශාපලත් දුරකතන අංක මොනවද කියල බලමු.පහත දැක්වෙන්නේ එවැනි අංක කිහිපයක්.

*)666-666-6666/1-666-666-6666
වසර ගණනාවක් තිස්සේ ලොව පුරා පුද්ගලයන්ට ඉහත අංක වලින් භයානක පණිවිඩ ලැබෙමින් පවතී.මෙම ඇමතුම් යක්ෂයාගෙන් ලැබෙන ඒවා බව සමහරු පිළිගන්නවා.එසේම බොහෝවිට එම අංක වලින් ලැබෙන ඇමතුම් call log වල හෝ phone bill වල දකින්න ලැබෙන්නේ නැහැ.එලෙස එම අංකයකින් තමාගේ මිතුරෙකුට ලැබුණු ඇමතුමක් පිළිබඳව පුද්ගලයෙකු කල ප්‍රකාශනයක් පහත දැක්වේ.

"මගේ යාළුවාට 666-666-6666 අංකයෙන් ඇමතුමක් ආවා.එතකොට අපි හිටියේ කාර් එක ඇතුලේ,රෑ ගෙදර එන ගමන්.එයා phone එක answer කරේ නෑ.

ඒක නිසා අපි එයාට විහිලුත් කරා යකෙක් අපායෙ ඉඳලා උඹට කතා කරන්නේ කොහොමද කියලා.ඒත් ටික වෙලාවකට පස්සෙ ඒ අංකයෙන් voice mail එකක් ආවා.අපි ඒක ඇහුවා.ඒක තමයි මන් අහල තියෙන පරණම voice mail එක.ඒත් ඒ voice mail එකේ කිසි දෙයක් තිබුනෙ නෑ.හිස් ශබ්දයක් විතරයි තිබුනේ.ඒක record කරලා තියෙන තැන පුදුමාකාර නිස්කලංක බවක් තිබුනේ. මේ ලෝකෙ තැනක් නම් වෙන්න බෑ. ඒකෙ කිසි දෙයක් නැති වුනාට ඒක අහන ඕනෑම කෙනෙක් භය වෙනවා.හේතුව මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ.ඒ වෙලාවෙ අපිත් හොඳටම භය වුනා.අඩුම තරමින් කතා කරගන්න පුලුවන් වුනෙත් වචන 2ක් 3ක් විතරයි.කොහොම වුනත් පැය 3කට විතර පස්සෙ බලද්දි voice mail එක auto delete වෙලා.ඒ අංකයෙන් call ආව බව call log එකේ සඳහන් වෙලත් නෑ."

*)999-9999
9 නපුරුයි කියලා අපිත් කියනවනේ. මේක නම් හැබැයි තායිලන්තයේ විශ්වාසයක්.ඔවුන් ඉහත අංකය ශාපලත් එකක් ලෙස සලකනවා.ඔබ එම අංකය අමතා ප්‍රාර්ථනයක් කළවිට එය ඉටුවෙනවා.නමුත් පසුව ඉක්මනින්ම භයානක අනතුරකින් ඔබ මරණයට පත් වෙනවා.

*)රතු අංක.
පාකිස්තානයේදී, දුරකතන තිරයේ රතු පාටින් දිස්වෙන අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම අසුභදායක වෙනවා.ඔවුන් ඒවා හඳුන්වන්නේ "ශාපලත් අංක" හා "මරණයේ ඇමතුම්" ලෙසයි.ඔබ එම රතු අංකයකින් ලැබෙන ඇමතුමකට ප්‍රතිචාර දැක්වුවහොත් ඔබට අධික ශීඝ්‍රතාවයක් ඇති ශබ්දයක් ඇසෙනවා.එයින් ඔබේ මොළයේ රුධිර වහනයක් ඇතිවී ඔබ මියයනවා.මෙලෙස රතු අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දී මේ වන විටත් බොහෝ පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තාවෙනවා.

*)090-4444-4444
ජපානයේ ඉහත අංකය Sadakoගේ අංකය(貞子の番号/Sadako no bangō) ලෙස හඳුන්වනවා.ඔබ එම අංකයට ඇමතුමක් ලබා ගතහොත් ඔබට භයානක අමුතු ශබ්දයක් ඇසෙන බවත්, සතියක් ඇතුළත කුමන හෝ ආකරයේ අනතුරකින් ඔබ මරණයට පත්වන බවත් ජපානයේ පිළිගන්නවා.ජපන් භාෂාවේ අංක 4(し/shi)ලෙසම මරණය(死/shi) ශබ්ද කරයි. ඔබ Ring films බලා තිබේනම් එහි සිටින ආත්මයේ නම Sadako බව ඔබ දන්නවා ඇති.එම film නිර්මාණ‍යේදීද මෙම අංකය යොදා ගෙන ඇත.

*)0888 888 888
බල්ගේරියාව තුල ඉහත අංකය ශාපලත් එකක් ලෙස සැලකෙනවා.මෙම අංකය සතුවන අය ඉක්මනින්ම භයානක මරණයකට ගොදුරු වන බව ඔවුන් පවසනවා.මෙම අංකය සතුවූ පළමු පුද්ගලයා එය ලබා ගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත පිළිකාවකින් මියයනවා.දෙවැනි පුද්ගලයා පාරේ සිටින විට වෙඩි වැදී මියයනවා.තුන්වැන්නාටද දෙවැන්නා ලෙසම වෙඩි වැදී මියයනවා.ඉහත මරණ වල විශේෂත්වය වන්නේ 3ම simපත ලබා ගෙන කෙටි කාලයක් ඇතුලත සිදුවීම හා ජනාකීර්ණ ස්ථාන වලදී වැරදීම් නිසා අංකය අයිති පුද්ගලයින්ට පමණක් වෙඩි වැදීමයි.ඉන් පසුව සියලු දෙනා ඉහත අංකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම දුරකතන සමාගමට(Mobiltel) එම අංකය භාවිතයෙන් ඉවත් කිරීමට සිදු විය.දැන් එම අංකයට ඇමතුමක් ලබාගත් විට එය ආවරණ කලාපයෙන් බැහැරව ඇති බව පවසයි.

*)1-000-000-0000
ඇතැම් ආසියාතික රටවල ඉහත අංකය ශාපලත් එකක් බව පිළිගන්නවා. ඔබ එයට ඇමතුමක් ලබාගත් විට ඔබට පිරිමි කටහඬක් ඇසෙනවා.එයින් පවසන්නේ ඔබ තව 15 දෙනෙකුට මෙම අංකය පිළිබඳ නොපැවසුවහොත් ඔබ මියයන බවයි.

*)666
මෙම අංකය මළවුන් සම්බන්ධ කරන බව ඇමරිකාවේ ඇතැමෙක් පිළිගන්නවා. එම අංකයට එකතු වී ඇමතුම් ලබා ගත් යහළුවන් පිරිසකට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව එක් අයෙක් මෙසේ සඳහන් කර ඇත.
"අපි හැමෝම එදා ඒ අංකයට call කරා.එක එක අයට ලැබිල තිබුනේ එක එක ප්‍රතිචාර.සමහරු කිව්වා මොනවත් වුනේ නෑ කියලා.සමහරුන්ට භයානක ශබ්ද ඇහිලා තිබුණා.සමහරු කිව්වෙ ඒ අයට සාතන්ගෙ ශබ්දය ඇහුනා කියලා."

*)1(207)404-2604
Carrie නම් චිත්‍රපටයේ trailer එක අවසානයේද ඔබට මෙම අංකය දැක ගන්න පුලුවන්.ඔබ මේ අංකයට ඇමතුමක් ලබාගත් විට වෙනත් අංකයකින් ඔබට නැවත ඇමතුම් 3ක් ලැබෙන බවත් ඉන් පළමුවැන්න භයගන්වන කෑගැසීමක් ද,දෙවැන්න භයානක ගායනාවක් ද,තුන්වැන්න තැතිගන්වන මිමිනුමක් ද වෙන බව සඳහන් වෙනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශාපලත් දුරකථන අංක මෙන්න (Phone Number) ශාපලත් දුරකථන අංක මෙන්න (Phone Number) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment