දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගෙදර සාදාගත් බීම කුඩු
  • දෙහි ගෙඩියක යුෂ 
  • සීනි රස අනුව
  • කස කසා ඇට මේ හැඳි 3
  • ලුණු ස්වල්පයක් 
  • අයිස් කැට 

✅ සාදා ගන්නා ආකාරය :

මේක ඉතින් දවසෙන් නම් හදන්න බැහැ. අනික කිසිම කෘතීම යමක් එකතු කරල නෑ. සියල්ලම 100% ක්ම ස්වභාවිකයි. හරි දැන් මම පිළිවෙලට සේරම කියන්නම්.
  1. ▪️ මුලිනම් දොඩම් ගෙඩි තුනක යුෂ අර ගන්න. පසුව ලොකු කැට සුදු සීනි වල දොඩම් යුෂ ටික හොඳට කවලම් කරන්න.එහෙම කවලම් කරල මද පවනේ දවස් හතරක් වගේ වේල ගන්න. දොඩම් වල කහ පාට මදි වගේ නම් ස්වභාවික කහ පට පොඩ්ඩක් හදල කවලම් කරල වේල ගන්න.අව්වේ වේලා ගන්න එපා. හොඳට වේලුනාට පසු පවුඩර් එකක් වෙන ලෙස බ්ලෙන්ඩ් කරන්න. දෙහි උනත් මෙහෙම හදා ගන්න පුළුවන්.එතකොට කඩේ තියන වහ කුඩු ගන්න ඕන නෑ.හරිම ලේසියි. අන්න එහෙම මම විසින්ම හදා ගත් බීම කුඩු තමයි අද මම ගත්තෙ.
  2. ▪️ මුලින්ම කස කසා ඇට ටික පෙගෙන්න දාල අයිස් කැට ටිකක් හදා ගන්න.සරුවත් එකක රස එන්නම් අනිවාර්යයෙන්ම අයිස් කැට තියෙන්නම ඕන.නැතුව Quality එකක් නෑ.
  3. ▪️ ඊට පස්සෙ බීම කුඩු සීනි සහ ලුණු රස අනුව දාල දෙහි ගෙඩියක යුෂ එක් කරල බීම එක හදා ගන්න.
  4. ▪️ දැන් වීදුරු වලට අයින් කැට දාල කස කසා ඇට ස්වල්පයක් එකතු කරල සරුවත් එක දාල හොඳට ටී යාර දානව වගේ කරන්න. හරිම රසයි. අනික කෘතීම කිසි දෙයක් නෑ.පොඩි දරුවෙක්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්.
🔴 මේ බීම කුඩු එකටම සෝඩා එකතු කරල නිවසේදීම Fanta හෝ දෙහි වලින් සාදාගත් බීම කුඩු වලට සෝඩා එකතු කරල Lemmonade නිවසේදීම හදා ගන්න පුළුවන්. හරිම ලේසියි.රසයි. ඒ වගේම සෞඛ්‍යයටත් හොඳයි.

🔴🔴 මේ බලන්නකො මේ කස කසා ඇට (Basil seeds) වල තියන ගුණ 
▪️ යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් බීජ 1 tablespoon දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා
▪️ බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය. 
▪️ අර්ශස් වැනි රෝග තත්ව පාලනයට උපකාරි වෙනවා
▪️ බැසිල් බීජ  ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්‍රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වේ
▪️ මෝර පෙති වලින් අපි ගන්න ඔමෙගා 3 කියන තෙල් වලින් පොහොසත් 
▪️ මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු කරනවා. ඒත් ගොඩාක් නෙමෙයි මාසයකට කිලෝ එකක් වගේ අඩු කරගන්න පුලුවන්.

👹️ හැබැයි BMI එක අවුල් අය සහ ගැබිනි මාතාවන් වැඩිපුර මේවා ගන්න එපා.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way

දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 දොඩම් සරුවත් හදමු (Orange Saruwath) 🍹 🍋 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment