මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi)

මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way

අද මම කූල් එකේ බොන්න රස වගේම සිසිලක් ගෙන දෙන පෝෂ්‍ය දායි  බීමක් හැදුවා . මැංගෝ (අඹ) ලැසී (Mango Lassi). හරිම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අඹ (තරමක් ඉදුණු ඇබුල් නැති අඹ ගන්න. මම ගත්තේ කරත්තකොලොම්බන්)
  • යෝගට් කප් 2
  • සීනි මේස හැදි 1 (තමන්ගේ රස අනුව)
  • අයිස් කැට
  • උඩින් දාන්න කජු සහ වියලි මිදී ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව අඹ සුද්ද කර තරමක කැබලි වලට කපා ගන්න. 
  2. බ්ලෙන්ඩර් එකට මුලින් යෝගට් දාන්න. ඊට පසු අයිස් කැට දාන්න . දැන් අඹ දාලා ඊට උඩින් සීනි දාන්න . ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. 
  3. පසුව මෙම අඹ මිශ්‍රණය වීදුරු වලට දමා උඩට කුඩාවට කපා ගත් කජු සහ වියලි මිදි දමා ගානිශ් කර ගන්න . හදලා බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way

මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) මැංගෝ (අඹ) ලැසී හදමු (Mango Lassi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment