කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu)

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ.... 🎇

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෙත හාල් පිටි කිලෝ ග්‍රෑම් 1
  • පාන් පිටි ග්‍රෑම් 105 ක්
  • දුඹුරු සීනි ග්‍රෑම් 500
  • පැණි බොතල් 1/2
  • ලුණු කුඩු පින්චක්
  • මාදුරු ස්වල්පයක් 
  • හීනියට ලියා ගත් කජු ස්වල්පයක් (අත්‍යාවශ්‍යතම නැහැ)
  • වතුර ටිකක්
  • පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ හාල් ටික හොඳට ගල් වැලි ඉවත් වෙන්න ගරල ඉතාම සියුම් ලෙස කොටා ගන්න.
  2. ▪️ පාන් පිටි ටිකක් හොඳට හලා ගන්න.
  3. ▪️ ඉඩකඩ ඇති භාජනයක් අරන් හාල් පිටි, පාන් පිටි, සීනි සහ ලුණු කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.(ලුණු දාන්න ඕන තේ හැඳි 1/2 ක් වගේ)
  4. ▪️ දැන් පැණි පොඩ්ඩ පොඩ්ඩ දමා හොදින් අනා ගන්න. ටිකක් ඝන කම මිශ්‍රණයක් ඒවි. අන්න එතකොට වතුර බොහොම පොඩ්ඩ පොඩ්ඩ එකතු කරල නූලක් වගේ හොඳට වැක්කෙරෙන පදම එනකන් හොඳින් මිශ්‍ර කර කර පදම ගන්න.🔴 හෝස් ගාලා වතුර දාල වතුර වැඩි කර ගන්න එපා.එහෙම උනොත් කැවුම් හදන්න බෑ.විසිරිලා යනවා.🔴🔴 එකපාරටම පදම ගන්න තේරෙන්නෙ නැත්නම් අමතර හාල් පිටි ටිකක් අයින් කරල තියල අනන්න.එතකොට අවදානමක් නැහැ. මට පදම හුරු නිසා එකපාරටම හදනවා.අපි ගම්වල උදවිය නේ.ඉතින් පොඩි කාලෙ ඉදන්ම පදම හුරුයි.ඉස්සර අම්ම ඉද්දි මම තමයි පිටි එක ඒදන්නෙ.ඒකටත් එක්ක දැන් ළමයි 😃😃
  5. ▪️ ඔයාල මේකට මාදුරු ස්වල්පයක් එකතු කරන්න.මම නම් හීනියට ලියා ගත් කජු ටිකක් දැම්ම.එතකොට හරිම රසයි කැවුම් කද්දි.
  6. ▪️ හරි දැන් පිටි එක ඒදලා පැය 3 ක් වත් තියන්න.පිටි හොඳට පෙඟුනම තමා පුහුලම  හොදට එන්නෙ.(පුහුලම කිව්වෙ කොණ්ඩෙ)
  7. ▪️ දැන් තෙල් තාච්චිය ලිපෙ තියල තෙල් ටික  හොදින් රත් වෙන්න තියන්න.කැවුම් හදන්න ඕන අඩු ගින්දරේ.ගින්දර වැඩි කර ගන්න එපා. එහෙම උනොත් ටික වෙලා යද්දි හෝස් ගාල ගිනි ගනිවි තෙල් ටික 😃😃 දර ලිපේ හදනවා නම් ඔය පුවක් කීර ටිකක් කිතුල් කීර ටිකක් සිහින්ව කපා ගෙන තියා ගන්න.ඒ වගේම කොළපු කෑලි ටිකක්.
  8. ▪️ දැන් හොදට අපි හදාගත් මිශ්‍රණය කවලම් කරල හොදට උල් කටක් තියන පොඩි කප් එකකට මිශ්‍රණය ටිකක් දා ගන්න.
  9. ▪️ ඒකෙන් ටිකක් රත් උන තෙලට හෙමින් වක් කරන්න.ඒ අතරෙ තෙල් හැන්දෙන් තාච්චියේ තෙල් කැවුම උඩට දන්න.කැවුමෙ මැදට බිංදු බිංදු විදියට පොඩ්ඩක් වක් කරල කොණ්ඩෙ හදා ගන්න කැවුමෙ.
  10. ▪ දැන් කැවුම් කූර අරන් මැදට ඇණ ඇණ (කැවුමෙ අඩියටම කූර ගහන්න එපා) ඇතුලෙ පිටි උඩට එන විදියට කර කවන්න.ඒ එක්කම තෙල් ගහන්න හැන්දෙන්.
  11. ▪️ ඊට පස්සෙ හොදට බැද ගන්න.ගොඩක් කළු පාට වෙන්න බදින්න එපා.

▪️▪️ සීනි පොඩ්ඩක් වත් නොදමා තනි කරම පැණි වලින් විතරක් මිශ්‍රණය හදන්න පුළුවන් ඕන නම්. ඉස්සර අපි හදන්නෙම එහෙම.
▪️▪️ ඒ වගේම කැවුම් හැදුවාම ප්ලාස්ටික් භාජන වල දාන්න එපා. මැටි මුට්ටියකට දාල වහන්න. ඉස්සර අපේ ගෙදර නම් මුට්ටියකට දාල පොල් කට්ටකින් වහල දුමේ තියන්නෙ.
▪️▪️▪️ හදල දවස් දෙකක් තුනක් යද්දි හයි වෙලා වගේ නම් රයිස් කුකර් එකේ විනාඩි 10 ක් වගේ ස්ටීම් කරල ගන්න.

🔴 අනේ මේ කොණ්ඩ කැවුම් හදන එක ඔය කියන තරම් අමාරු නැහැ. හරි ලේසියි.මේ කොල්ලො අපිත් පට ගාල හදන්නෙ 😃 තැපෑලෙන් පීනන්න උගන්වන්න බැහැනේ. උත්සාහ කරල බලන්න.එතකොට ඔබට නොදැනීම ප්‍රගුණ වේව්.පළවෙනි පාරම සාර්ථක වේව්. බය නොවී වැඩේට අතගහන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way

කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) කොණ්ඩ කැවුම් හදමු (Konda Kawum Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2021 Rating: 5

0 comments:

Post a Comment