Dasin Kiyu E Hagum Song Lyrics - දෑසින් කියූ ඒ හැඟුම් ගීතයේ පද පෙළ

Dasin Kiyu E Hagum Song Lyrics - දෑසින් කියූ ඒ හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Dasin Kiyu E Hagum (දෑසින් කියූ ඒ හැඟුම්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 78)


දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා මා හදවතේ
දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

වන මල් පිපී
බිඟු වැල් වෙලී
රස කල්පනා යා කළා
අද මෙන් හෙටත් ඈ හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

දෙකොපුල් සලා
පෑ මල් සිනා
රස කල්පනා යා කළා
අද මෙන් හෙටත් ඈ හමුවූවොතින් නම්
තෙපලන්න ඕනේ හෙමින්

දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්
රැඳීලා බැඳීලා මා හදවතේ
දෑසින් කියූ ඒ හැඟුම්
ආදරේ හැඟුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasin Kiyu E Hagum Song Lyrics - දෑසින් කියූ ඒ හැඟුම් ගීතයේ පද පෙළ Dasin Kiyu E Hagum Song Lyrics - දෑසින් කියූ ඒ හැඟුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2021 Rating: 5

0 comments:

Post a Comment