දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 05 ලෝක පාංශු දිනය (Significance Of The Day - December 05 World Soil Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 05 ලෝක පාංශු දිනය (Significance Of The Day - December 05 World Soil Day) - Your Choice Way

2013 වසරේදී පවත්වන ලද 68 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක පාංශු දිනය ලෙස දෙසැම්බර් 05 දිනය ප‍්‍රකාශයට පත් කර ඇත.  
 
අපට ජීවත් වීමටත්, ආහාර නිෂ්පාදනය කර ගැනීමටත් මහඟු පිටිවහලක් සපයන පාංශු සම්පත සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම මෙවැනි දිනයක් ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ වේ

පස, වැලි මැටි කුඩා ගල් කැට වැනි අකාබණික ද්‍රව්‍ය,දිරාපත්වන ශාක පත්‍ර  වැනි කාබණික ද්ව්‍ර‍ය සහ ජලය වාතය යන සංඝඨක මිශ්‍රණයකි.

මෙම මිශ්‍රණය පසේ ස්වභාවය වෙනස් කරන හා සංවර්ධනය කරන නිත්‍ය ක්‍රියාවලියක නිරතව සිටින ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගණනකගේ වාසස්ථාන වේ.

මෙම ක්ෂුද්‍ර ජීවීන් නොමැති වූවානම් පෘථිවිය දැන් තිබෙන ජීවයෙන් පොහොසත් පරිසරයක් නොවී නිස්සාර අජීවී පාෂාණ තට්ටුවක් බවට පත්වීමට ඉඩ තිබුණි.

මෙම ක්ෂුද්‍ර ජීවීන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ පසෙහි මතුපිට ස්ථරයේය.

එයින් පස් තේ හැන්දක ප්‍රමාණයක්  ගත් විට එහි බැක්ටීරියා ඇල්ගි සහ දිලීර මිලියන සිය ගණනක් අඩංගු වනු ඇත.

ක්ෂුද්‍ර ජීවීන්ට අමතරව පණුවන්,ගුල්ලන්,හැකරැල්ලන් සහ කෘමීන් වැනි විශාල සත්ත්ව විහේෂ ගණනාවක් ද පස නිර්මාණය කිරීමේ කාර්යයේදී ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි.

ඔවුන් නොමැති නම් පසෙහි හෝ මිනිසාගේ පැවැත්මක් තිබිය නොහැකිය.පස සංවර්ධනය ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියකි.

අනුවණ ලෙස ඉඩම් භාවිතා කිරීමේ ක්‍රියාවන් නිසා එක් ධාරාණිපාත වර්ෂාවක් හේතුවෙන් පාංශු ඛාදනය සිදුවිය හැක.

එවිට සියවස් ගණනාවක් තිස්සේ නිර්මාණය වූ පස එක් රැයකදී විනාශ වේ.

උපුටා ගැනීම - හෝට්න් තැන්නේ සවිකර ඇති උපදෙස් පුවරැවකිනි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 05 ලෝක පාංශු දිනය (Significance Of The Day - December 05 World Soil Day) දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 05 ලෝක පාංශු දිනය (Significance Of The Day - December 05 World Soil Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment