Thawa Ekama Eka Dawasak Song Lyrics - තව එකම එක දවසක් ගීතයේ පද පෙළ

Thawa Ekama Eka Dawasak Song Lyrics - තව එකම එක දවසක් ගීතයේ පද පෙළ
Song Title : Thawa Ekama Eka Dawasak (තව එකම එක දවසක්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : අර්නස්ට් සොයිසා
ගී පද : හේමසිරි හල්පිට


තව එකම එක දවසක්
ඔබ මට හමු වේ නම්
ඒ ඇසළ සඳම පායා
වැව් තෙරේ
නා මල් පොකුරු උඩින්
නා මල් පොකුරු උඩින්

තවම එකම එක දවසක්
ඒ වැස්සම වසීවි නම්
සිරිමල් වත්තේ මිටියාවත් මැද
ඔබ මා හා තනි වී
එක කුඩයක් සෙවණට ළඟ ඇත්නම්

තව එකම එක දවසක්...

තව එකම එක දවසක්
ඒ උදෑසනම ඒ නම්
ඔබ අනිකකු හා සරණ බැඳුණු වග
පෙරදා හොර රහසේ
එක සැරයක් සවනට ඇසේවි නම්

තව එකම එක දවසක්
ඔබ මට හමු වේ නම්
ඒ ඇසළ සඳම පායා
වැව් තෙරේ
නා මල් පොකුරු උඩින්
නා මල් පොකුරු උඩින්

නා මල් පොකුරු උඩින් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawa Ekama Eka Dawasak Song Lyrics - තව එකම එක දවසක් ගීතයේ පද පෙළ Thawa Ekama Eka Dawasak Song Lyrics - තව එකම එක දවසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2021 Rating: 5

0 comments:

Post a Comment