Thatu Awilla Song Lyrics - ත‍ටු ඇවිල්ලා ගීතයේ පද පෙළ

Thatu Awilla Song Lyrics - ත‍ටු ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Thatu Awilla (ත‍ටු ඇවිල්ලා)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : සමන්ත පෙරේරා
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු හෙලන කඳුළු
මහමෙරක් යට
තනිව මා උන්නා

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thatu Awilla Song Lyrics - ත‍ටු ඇවිල්ලා ගීතයේ පද පෙළ Thatu Awilla Song Lyrics - ත‍ටු ඇවිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2021 Rating: 5

0 comments:

Post a Comment