Rathata Rathe Mal Peedena Song Lyrics - රතට රතේ මල් පීදෙන ගීතයේ පද පෙළ

Rathata Rathe Mal Peedena Song Lyrics - රතට රතේ මල් පීදෙන ගීතයේ පද පෙළ
Song Title : Rathata Rathe Mal Peedena (රතට රතේ මල් පීදෙන)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : පී. බාලචන්ද්‍ර
තනුව : ප්‍රියා සූරියසේන


රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා
සතුට බෙදනවා //

ඉපනැල්ලේ නැවුම් සුවඳ දසත හමද්දී
කැවුම් කොකිස් අතිරස හෙම අපට ලැබෙද්දී
පංච ලෑලි දාදු කැට ද කලඑළි වෙද්දී
අලුත් බතට අලුත් හාල් එළියට එනවා

රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා
සතුට බෙදනවා //

ඔන්චිල්ලා කොස් අතු වල සවිය බල බලා
ඉහළ පහළ පැද්දෙනවා පවන් රැලි නගා
සිනා පපා දරු දැරියන් වාරම් ගයනා
හඬ පැතිරී ගම්මානේ සිහින මැවෙනවා

රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා

සතුට බෙදනවා
පණිවිඩ එනවා ...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathata Rathe Mal Peedena Song Lyrics - රතට රතේ මල් පීදෙන ගීතයේ පද පෙළ Rathata Rathe Mal Peedena Song Lyrics - රතට රතේ මල් පීදෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment