Nayaa Song Lyrics - නයා ගීතයේ පද පෙළ

Nayaa Song Lyrics - නයා ගීතයේ පද පෙළ
Song Title : Nayaa (නයා)
Artist : Big Harsha
Lyrics Chorus & Rap : Freaky MobBig & Big Harsha
Produced By : Freaky MobBig
Mixed & Mastered by : Juda @terminal Records 
Video Director : Dinusha Udayanga (DU Films)
Editor : Inze Productions
DOP : Eranga Dharma Sri
Powered by BONFIRE  


I mean What the f**k with this game
Am I going crazy or is it just the pain
Nobody’s gonna give a f**k about you say
Unless you open your eyes and step into your plate

Big Harsha නම පදිංචිය මාළඹේ
තනි ඇතා ඩෝ රජ කරන්නේ හිටියත් හාමතේ
අඩවිය කාගේ උනත් Real වෙන තරමටයි ගරු කරන්නේ
අපිත් හොද රස්තා කොල්ලෝනේ!

සමාජය විසයි කස පාර සැරයි
මෝරුන් බඩගින්නට සාලයෝ ගිල දමයි
අපි හැදුනු වැඩුනු පරිසරේ කුණුගදයි
කට කොනින් හිනා වෙවී අපිටම බණ කියයි

මුන්…. පර හැත්ත
රට ජාතිය ගැන කැක්කුමක් නැද්ද?
මිනිස්සු අසරණ වෙලා දැන් සැපද?
අල, ලූණූ, පොල් ගෙඩි අම්මගේ රෙද්ද

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී…

චන්දය ළග ළග එනවා
බෝතල් බුරියානි පැකට් රෙඩි(packet ready) වෙනවා
ගිය පාර හොදෝටම අපි කෙරුවා
කෙරුවා නෙමෙයි යකෝ ඇරියා ඇරියා…

මානුෂිකව සිහිබුද්දියෙන් හිතපන්
පාතාලේ රජ වෙන තැන දණ ගහපන්
වරදට සමාව දෙන්නේ කවලා කිරිබත්
ඇත්ත කතා කරොත් රන්ජා වගේ කයි සිරබත්

ඕකයි ඇත්ත රට යන පැත්ත
මුන් හිතන් ඉන්නේ මේ රට මුන්ගේ වත්ත
ජීවත් වෙන්න මට අයිති පොළව
නැති කරන්නේ තනි කර මුන්ගේ බොරුව

කොන්ද නමාගෙන හැරමිටි ගහාගෙන
ඉබි ගමනින් අපේ රට හදන්න එන
නායකයෝ ඉන්නේ මුදලට බලයට
නෑ නෑ බන් ඔය බොක්කෙන්ම කැක්කුම

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී…

යසයි යසයි සර් (sir) දැන්නම් යසයි
සර් (sir) දැළබුවෙක් ගෑවුනොත් ඇග කසයි
සැමනුයි පරිප්පු සීනී හරි රසයි
දරු පල ලබන්න 22 මසයි

කැරකෙන ගෝලේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ
අත්‍යවශ්‍ය බඩු හිගාකන්නේ පිස්සුවෙන්
ඉගෙනීම කඩාකප්පල් වෙලා ළමයි පෝලීම්
සිංහල ඔනේ නෑ චයිනිස් (chinese) ඇති පුතේ

OK.
ඇති දැන් කතාව මේක තමයි වෙලාව පෙන්නපන් රැප් කලාවේ පලාව මුලාවේ දාන්නේ නෑ අනෙක් කෙනාව අහිකුණ්ඨික මම වයන්නම් නලාව උබ නටපන් බැදන් ජටාව

වගකිවයුත්තන් උබයි මමයි
කොච්චර කිව්වත් එකම මගුල තමයි
මුතු ඇටේට හෙන ගැහිලා අඩෝ මාර දුකයි
බයියෝ ටොයියෝ ජෙප්පෝ වහගනින් කටයි පුකයි

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nayaa Song Lyrics - නයා ගීතයේ පද පෙළ Nayaa Song Lyrics - නයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2021 Rating: 5

0 comments:

Post a Comment