Miriwedi Nathuwata Song Lyrics - මිරිවැඩි නැතුවට ගීතයේ පද පෙළ

Miriwedi Nathuwata Song Lyrics - මිරිවැඩි නැතුවට ගීතයේ පද පෙළ
Song Title : Miriwedi Nathuwata (මිරිවැඩි නැතුවට)
ගායනය : චාමර රණවක

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි මං පැතුවේ..
ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි
එක පංතියෙ හිදිමින් හැඩුවේ...

මිරිඟුව දැක්කද හිතන්න බැ මට
සතුටින් අද නුඹ සරසවියේ...
එදා වගේ මං ඉනි වැට අද්දර
තාම බලනවා නැ දුටුවේ...

අපිට හොරා ඇස් එකට බලා
සතුටින් හිටියත් ඒ කාලේ...
කමත ගොඩේ නිල් මානෙල් වල හැඩ
බලන් හිටියා අපි හැම වාරේ...

තිත්ත පැටව් දං කහට කොටන්නට
රැනේ එන හැටි තරු වාගේ...
අද මම තනියම දොල ඉවුරේ
හැඩ දැන් නැ මුළු ගම්මානේ...

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි මං පැතුවේ..
ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි
එක පංතියෙ හිදිමින් හැඩුවේ...

සිදාදියට නොබියව පියමැන්නේ
දකින්න නුඹෙ රුව මුවාවෙලා...
වත්තෙ කෝවිලට රතු පටි මදි මට
බාර බැදල නුඹ දෙන්න සොයා...

නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං
කුඩේ දැක්ක විට ඈත තියා...
ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
මම යන්නම් නුඹෙ සතුට නිසා...

මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය
මට හැඩ හින්දයි මං පැතුවේ..
ඩෙස් බංකුවෙ නම් එකට කොටා අපි
එක පංතියෙ හිදිමින් හැඩුවේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miriwedi Nathuwata Song Lyrics - මිරිවැඩි නැතුවට ගීතයේ පද පෙළ Miriwedi Nathuwata Song Lyrics - මිරිවැඩි නැතුවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2021 Rating: 5

0 comments:

Post a Comment